බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජෝන්සන්ටත් කොරෝනා ආසාධනය වෙයි!!

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොරෝනා ආසාධනය වී ඇති බව පසුගිය දා වාර්තා වන ලදී එම උණුසුම් මැකී යන්නට මත්තෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට කොවිඩ් -19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවත් මඳ රෝගී ලක්ෂණ පමණක් පෙන්නුම් කරන නිසා තම නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බව අගමැති නිල නිවස පවසයි.

බොරිස් ජොන්සන් අවසන්වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ජාතික සෞඛ්‍ය සේවයේ හෙද, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයන්ට සමස්ත බ්‍රිතාන්‍යයම අත්පොලසන් දෙමින් කෘතඥතාව පළ කළ මොහොතේය.

බොරිස් ජොන්සන් ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් සහ කොරෝනාවෛරස් අර්බුදය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් ය.ට්විටර් ඔස්සේ වීඩියෝ පටයක් නිකුත්කරමින් අගමැතිවරයා පවසන්නේ තමන් “නිවැරදි දේ කරමින්” නිවසේ ස්වයං හුදෙකලාවේ යෙදෙමින් නිවසේ සිට සේවය කරන බවය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුටද කොරෝනාවෛරසය ආසාදිත වී දැනට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වෛද්‍ය උපදෙස් පරිදි චාල්ස් කුමරු හා ආදිපාදවරිය ස්කොට්ලන්තයේ පිහිටි නිවස තුළ ස්වයං හුදකලා වී සිටිති,”එක්සත් රාජධානියේ 11,600 කට අධික පිරිසකට කොරෝනාවෛරසය වැළඳී තිබෙන අතර, 578 දෙනෙකු රෝගයෙන් මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *