මිනුවන්ගොඩ රෝහලේ ඉදිකිරීම් කල නාවික හමුදාවේ( 5 ) ට කොරෝනා ආසාධනය වෙයි

මිනුවන්ගොඩ දිසා රෝහල covid 19 රෝගීන් භාරගැනීම සදහා නම් කිරීමෙන් පසු එම රෝහල තුල වාට්ටු සංකීර්ණ අළුතින් ඉදිකිරීම සදහා නාවික හමුදාවේ 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ එහි ඉදිකිරීම් පසුගිය 11 වෙනිදා සිට ආරම්භ කරන ලදී එම පැමිණ සිටි නාවික හමුදා කණ්ඩායමෙන් 5 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතිබව වාර්තා වෙයි.

එහි සිටි සෙබළුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට නිවාඩු ලබා නිවෙස් වලට ගොස් ඇති අතර ඔවුන් ගාල්ල යක්කලමුල්ල ,හගුරන්කෙත සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙති. ඔව්න් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව වාර්තා වෙයි ඔවුන් පරීක්ෂණ සදහා රැගෙන ඒමට මේ වනවිටත් නාවික හමුදාව කටයුතු කරමින් ඇත . මෙහි ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා විවිධ කණඩායම් පැමිණ ඇති බවද වාර්තා වන අතර මිනුවන්ගොඩ රෝහල අධි ආරක්‍ෂිත කලාපයට ඇතුලත් කර ඇත.මේ වනවිට අදාල කොරෝනා අසාධිත නාවික හමුදා නිළධාරීන් මේ වනවිට මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *