කොරෝනා 23 වැනි මරණයත් නිවසේදීම සිදුව ඇත
මෙරට කොරෝනා ආසාධිත 23 වැනි මරණයත් නිවසේදීම සිදුව ඇත මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15 ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාක් බව වාර්තාවන අතර ඇය ඊයේ දිනයේ සිය නිවසේ දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ ඇය කොරෝනා ආසාදිත බවයි.
මෙම කාන්තාව උණ කැස්ස උගුරේ ආසාදන ආදී රෝගී තත්වයන්ගෙන් පෙලී ඇති බව ද මරණයට ආසන්නතම හේතුව පෙනහළු ආසාදනය වීම බවත් හඳුනාගෙන ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් වාර්තා කරයි.