කොරෝනා අසාධිතයින් 1903 වෙයි කුවේට් සිට පැමිණ සුවවූ කාන්තාවකට නැවත කොරෝනා වැලදෙයි

මෙරට සමස්ථ කොරෝනාආසාධිත රෝගීන් සංඛ්‍යාව 1903 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 550 ක් වේ.

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති කාන්තාවට කොරෝනා ආසාදිත බව හෙලිවීමෙන් පසු හෝමගම රෝහලට ඇතුලත් කර සුව වීමෙන් පසු නැවත රෝග ලක්ෂණ මතුවීම නිසා එම කාන්තාවට අද දින නැවතත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීමත් සමග අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි.එහිදී සිදුකරන ලද පරීක්ෂණවලින් ඇය කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.මේ හේතුවෙන් ඇය නැවතත් කොළඹ ජාතික උණ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.

මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1342 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *