පැණිය පානය කල සෞඛ්‍ය ඇමතිනීට කොරෝනා

කොරෝනා නසන පැණිය පානය කල සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියට කොරෝනා අසාධනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි කොළඹ ජාතික රෝහලේදි සිදුකළ පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත ඇය මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති බවද වාර්තා වෙයි

මෙරට ජන මනස වෙත විද්‍යාව වෙනුවට මිත්‍යාව අලවි කිරීම වෙනුවෙන් පැණියක් පානය කිරීම සම්බන්ධයෙන් සමාජය තුල විවිධ කථා බහට ලක්ව සිටින අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍ය වරියට කොවිඩ් 19 වැළදීම තුලින් ජනතාව වෙත කියන තවත් පණිවුඩයක් ඇත එනම් මෙරට මාධ්‍ය ආයතන දෙකක් ජනතාව වෙත පැණි අලවි කිරීම වෙනුවෙන් දිවා රෑ නොබලා පුවත් වාර්තා කරන පසුබිමක එම පැණිය ප්‍රසිද්ධියේ පානය කල දෙදෙනෙකුට කොරෝනා අසාධනය වී ඇත ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ අද වෛරසය අසාධනය වූ සෞඛ්‍ය අමාත්‍ය වරිය වෙති

ඊයේ දිනයේ සහ අද දිනයේද කොරෝනා පැණි ලබාගැනීමට ජනතාව කෑගල්ලේ පොරකන අවස්ථාවක පැණිය පානය කල අයද අසාධිතයන් වීමත් මෙරට රාජ්‍ය ආයතන කිහිපයක් අදාල කොරෝනා පැණිය ආයතනයේ සේවකයන් වෙත ලබාගන්නා ලෙසත් දන්වා ඇත. තවදුරටත් මෙරට ජනතාව වෙත කොරෝනා පැණි ඇලවිය සම්බන්ධයෙන් තීරණය ගැනීම සිදුකල යුතු නොවේද

ආසාදිත ඇමතිවරිය කෑගල්ලේ දම්මික නැමැත්තාගේ කොරෝනා පැණියද ප්‍රසිද්දියේ පානය කළ අතර පසුගිය කාලයේදි කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමට රාජකිය වෛද්‍යවරයා යැයි හදුන්වන ඒලියන්ත වයිට්ගේ උපදෙස් පිට ගංගාවලට මුට්ටි අත ඇරිමටද සහභාගි වුවාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *