හිරු මාධ්‍ය ජාලයේ සිව් දෙනෙකුට කොරෝනා
මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන හිරු මාධ්‍ය ජාලයේ සිව් දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වෙයි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටා තිබෙන හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන අදාල සේවකයන් සිව්දෙනා මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන අතර හිරු මාධ්‍ය ආයතන පිහිටි 35 වන මහල වෙත ගමන් කිරීමේදී මොවුන් විදුලි සෝපාන භාවිතා කරන බැවින් ඒ හරහා තවත් බොහෝ පිරිසකට කොරෝනා වෛරසය පැතිරීමේ අවධානමක් මේ වනවිට මතුව තිබේ.මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් හිරු මාධ්‍ය ආයතනය වෙත දන්වා ඇත