පළමු ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 9 දෙනෙකුට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ බවත්  (06) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා වලට අනුව ඉන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ  වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

  මේ නම දෙනා අතර කාන්තාවන් 08 දෙනෙකු හා  පිරිමි  එක් අයෙකු සිටින බව සදහන් කළ ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා  මොවුන් වැඩිදුර ප්‍රථිකාර සදහා වැලිකන්ද රෝහල වෙත  අද  පස්වරුවේ පිටත්කරයැවිමට කටයුතු කරණ සදහන් කළේය.

 පි. සි.ආර් පරික්ෂණ සදහා  හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබු ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් අතුරින්   23 දෙනෙකුගේ   පි. සි.ආර්. පරික්ෂණ  සදහා ජිව සාම්පල් ලබාගැනිම  ඊයේ (05) හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ දි  සිදුකළ අතර පි. සි ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජෛව රසායනාගාරයේ දි සිදුකරණු ලැබිය. එම පරික්ෂණ වාර්තා අද පස්වරුවේ ලැබි ඇති  අතර ඉන් නම දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *