මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් වෙනත් රෝහල් වෙත.

සමස්ථ ලංකා හෙද සංගමයේ ලේකම් හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත නිවේදනයක්

මිනුවන්ගොඩ රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබාදෙන කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනා වෙනත් රෝහල් වලට මාරු කිරීම සදහා පියවර ගෙන සමස්ථ රෝහලම විෂබීජ හරණය කිරීමත් සමස්ථ කාර්ය මණ්ඩලය කොටස් වශයෙන් PCR පරීක්ෂණ සදහා යොමු කිරීමටද එකග වී ඇත.

අද දිනයේ ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා ඇතුළු නිලධාරීන් සහ මිනුවන්ගොඩ රෝහලේ අධ්‍යක්ෂ වරයා ඇතුළු කණ්ඩායම මෙම තීරණය කර ඇති බව වාර්තා වෙයි මිනුවන්ගොඩ රෝහලේ නවීකරණ කටයුතු වෙනුවෙන් පැමිණි නාවික හමුදාවේ නිළධාරීන් 7 දෙනෙකුට කොරෝනා ආසාධිත බවට හදුනා ගැනීමෙන් අනතුරුව මිනුවන්ගොඩ රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලය දැඩි තැති ගැනීමකට ලක් වන ලදී

මෙහෙඉ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂනය කිරීම සදහා පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර ඇතුළු පිරිසකගේ සාම්පල ලබාගෙන PCR පරීක්ෂණ සදහා යවන ලදී එහෙත් රෝහලේ කාර්ය මණ්ඩලය අදාල නාවික සෙබළුන් සමග සති තුනකට වැඩි කාලයක් ගැවසීම නිසා ඔවුන් ද PCR පරීක්ෂණ සදහා ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ රෝහලේ සේවකයන්ගේ දැඩි ඉල්ලීම මත ඊයේ දිනයේදී රෝහලේ සේවකයන් 10 දෙනෙකු PCR පරීක්ෂණ සදහා ඉදිරිපත් කරන ලදී

අනතුරුව තම සමස්ථ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ නොකරන්නේ නම සේවයෙන් ඉවත්වී ස්වයං නිරෝධායනය වීම සදහා කැමැත්ත විමසා ලේඛනයක් පවා අත්සන් කර රෝහල් අධ්‍යක්ෂ වරයාට ඉදිරිපත් කිරීමට කටයුතු සිදුකරන අතර තුර ගම්පහ සෞඛ්‍ය අධක්ෂ වරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ සියලුම කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ සදහා යොමු කරන බවත් ඒ අනුව මුලින් මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය 150 දෙනෙකු අතරින් 50 දෙනෙකු PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගන්නා බව සදහන් කර ඇත මේ අනුව රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්ව ස්වයං නිරෝධායනය වීමේ කටයුත්ත නවතා දැමූ බව මිනුවන්ගොඩ රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කරන ලදී එහෙත් ඊයේ දිනයේදී රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනාගේ සහ අද දිනයේ 5 දෙනාගේ ලබාගත් PCR පරීක්ෂණ ප්‍රථිපල මෙතෙක් ලැබී නොමැති බව රෝහල් වාර්තා වෙයි

මෙවැනි තත්වයක් තුල මිනුවන්ගොඩ දිසා රෝහලේ කොරෝනා ආසාධිත රෝගීන් රදවාගෙන ප්‍රතිකාර කිරීම දැඩි අනතුරක් බවත් කොරෝනා ආසාධිත රෝගීන් සදහා කිසිම පහසුකමක් රෝහලේ නොමැති නිසා රෝගීන්ගේ සහ මිනුවන්ගොඩ ජනතාවගේ ජීවිත අවධානම ගැන රෝහල් කාර්ය මණ්ඩලය දිගින් දිගටම අවධාරණය කර ඇත අනතුරුව ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා ඉහත තීරණ වෙත පැමිණි බව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සමස්ථ ලංකා හෙද සංගමයේ ලේකම් හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත නිවේදනයක් නිතුත් කරමින් සදහන් කරයි

තවත් රෝහල් සේවකයින් කපී දෙනෙකුගේ පමණක් PCR පරීක්ෂණ සිදු කර ඇත. මේ පිළිබඳව කිසිසේතම සෑහීමකට පත් විය නොහැකි බව ඔවුන් පවසා සිටී.තම ජීවිත අවධානම පවා නොතකා රාජකාරියේ නිරතවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන් දක්වා ඇති අඩු සැලකිල්ල පිළිබදව අපගේ බලවත් අප‍්‍රසාදය පලකරමු. කෙසේ වූවද හෙද හෙදියන්ගේ ආරක්ෂාව සම්බන්ධව මැදිහත්වීමට වෘත්තීය සමිතියක් ලෙස අපටද වගකීමක් ඇති බව අවධාරණය කරමු.

එබැවින් ඉහත සිදුවීම නිසා තම සෞඛ්‍ය තත්වය පිළිබද අවිනිශ්චිත තත්වයකට මුහුණ පා ඇති හෙද හෙදියන් ඇතුළු මිනුවන්ගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කල යුතු PCR පරීක්ෂණ ප‍්‍රමාදයකින් තොරව සිදුකර ඔවුන්ට නිදහස් මනසකින් සේවය කිරීමට අවශ්‍ය පරිසරය රෝහල තුල ඇති කරන ලෙස කාරුණිකව ඉල්ලමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *