බණ්ඩාරගම අටුලුගම රෝගියාගේ පියාට සහ දියණියට කොරෝනා වැලදිලා

ඊයේ දිනයේ ලොක් ඩවුන් කල බණ්ඩාරගම අටුලුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි.මෙම ප්‍රදේශයේ ජනතාවට පිටතට පැමිණීම සහ පිටස්තර පුද්ගලයන්ට ගම්මානයට ඇතුළු වීම සම්පුර්නයෙනම අවහිර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි

වෛරසය අසාදනය වූ පුද්ගලයාගේ පියා සහ දියණිය එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබීය.මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තා වන අතර කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *