කොරෝනා මැද මැතිවරණයේ දිනය තීරණය කරයි!! ජනතා තීන්දුව කුමක් වෙයිද?

කොරෝනා අවධානම මැද විවිධ මහා සංඝරත්නය ආගමික නායකයන් සිවිල් සමාජය දේශපාලන පක්ෂ මැතිවරණයක් නොපවත්වන ලෙසත් ඒ සදහා මෙය සුදුසු වෙලාවක් නොවන බවත් සදහන් කරමින් නිවේදන නිකුත් කර තිබූ පසු බිමක එම මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් අද දිනයේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කලේ මැතිවරණය ජුනි 20 වන දින පැවැත්වීම සදහා තීරණයක් ලබා දීමටය ඊට අදාල ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යැවූ බවත් මෙම ලිපිය ලියන අවස්ථාවේදී එම ගැසට් පත්‍රය මුද්‍රණය කරන බවත් එහි ප්‍රකාශකයෙකු සදහන් කරන ලදී

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අප්‍රේල් 20 වන සඳුදා එනම් අද දින පාර්ශව ගණනාවක් සමග කළ සාකච්ඡා කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.පැවති අටවෙනි පාර්ලිමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසුරුවා හරිනු ලැබීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මාර්තු 02 වන දා නිකුත් කරන ලදී.

එම ගැසට් නිවේදනයට අනුව, අප්‍රේල් 25 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු අතර මැයි මස 14 වන දා අභිනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්වීමට දින නියම කර තිබිණි.රට තුළ ව්‍යාප්ත වූ COVID – 19 රෝග තත්ත්වය නිසා කලින් සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජූනි මස 02 වන දාට ප්‍රථම නව පාර්ලිමේන්තුව රැස් විය යුතුය.එබැවින් උද්ගත විය හැකි ව්‍යවස්ථාමය ගැටලුව විසඳා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්තු 31 වන දා සහ අප්‍රේල් 01 වන දා ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කරන ලදී.
එම ලිපියට පිළිතුරු ලිපියක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් අප්‍රේල් 06 වන දා මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන ලදී.

එමගින් දැනුම් දී තිබුණේ අප්‍රේල් 25 වන දා ඡන්ද විමසීම කළ නොහැකි නම් වෙනත් දිනයක් සඳහන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ ප්‍රශ්නයක් පැන නොනගින බවය.මීට දින දෙකකට පෙර එනම් 18 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මේ පිළිබඳව අදහස් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.එමගින් කියා තිබුණේ මැතිවරණය සදහා දිනයක් ලබා දීමට මැතිවරණ කොමිසම සිදුකල යුතු බවයි

මේ සියලු කරුණු කරනා අවසානයේ කොරෝනා අසාධිතයින් වැඩි වශයෙන් හමුවන තත්වයක රට තුල මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ වූ සහ විරුද්ධ වූ සැමට කොරෝනා වසංගතය රට තුල ඇතිකරන අනාගත බල පෑම හමුවේ සාක්ෂි කරුවන් වීමට අවස්ථා සලසා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *