කොරෝනා ආසාධිත පුතා නිසා පියාගේ මළ සිරුර ආදාහනය කරයි

දැනට කොළඹ අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාධිතයාගෙ පියාගේ මළ සිරුර

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී   මියගිය දැනට කොළඹ අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාධිතයාගෙ පියාගේ මළ සිරුර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා රෝගින්ගේ මළ සිරුරු සඳහා නිකුත් කර ඇති රෙගුලාසිවලට අනුව ඊයේ (10)උදෑසන දඩල්ල ආදාහනාගාරයේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ආදාහනය කරන ලදී.

මියගිය පුද්ගලයා අකුරැස්ස මලිදුව කොහුගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු  වන අතර ඔහු අංශභාගි රෝගි තත්වය මත කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.එසේ ඇතුලත්කොට ප්‍රතිකාර ලබමින් සිටියදී කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධයනයවි පැමිණ සිටි ඔහුගේ පුතෙකු උපස්ථාන කටයුතු සඳහා ලඟ සිට ඇත.

මේ අතර උපස්ථානයට සිටි පුතාට පසුගිය 5වනදින අසනිපවිම නිසා මාතර කඹුරුගමුව ලැබිම රෝහලට ඇතුලත් කල අවස්ථාවේ අනාවරණයවි ඇත්තේ ඔහුට කොරෝනා ආසාධනයවි ඇති බවය.ඒ අනුව ඔහු කොළඹ අයි.ඩී.එච්.රෝහලට යවා ඇති අතර කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ පියා ඊයේ මියගොස් ඇත.

පී..සී.ආර්.පරික්ෂණයේදි අනාවරණයවි ඇත්තේ මියගිය අයට කොරෝනා ආසාධනයවි නොමැති බවය.එහෙත්  මියගිය අයගේ පුතාට කොරෝනා ආසාධනයවි ඇති  නිසා ඔහුගේ ඥාතින් සහ අසල්වැසියන් කිහිප දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති අතර කොහුගොඩ ගම්මානයද හුදකලා ගම්මානයක් බවට පත්කර ඇත.

කරාපිටිය  ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ සිට අද පෙරවරුවේ මියගිය පුද්ගලයාගේ දේහය  අවසන් කටයුතු කිරිම සදහා පොලිස් ආරක්ෂාව යටතේ දඩැල්ල ආදාහනාගාරය වෙත රැගෙන එනු ලැබිය. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ආදාහන කටයුතු සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *