“එයාර් බස් ගණු දෙනුවේ සියලු වංචා හෙළිවෙමින් පවතිනවා” කෝප් කමිටු වාර්තාව නීතිපතිට

එයාර් බස් ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව බැදුම්කර පාඩුවට එහාගිය පාඩුවක් බවත් එයාර් බස් ගනුදෙනුවේ මුල මැද අග හෙළිවෙමින් පවතින නිසා මේකේ හාල් මැස්සෝ විතරක් නොවෙයි තෝරු මෝරු නීතිය හමුවට ගෙන එන්න රජය කටයුතු කල යුතු බව අනාවරණය කරයි මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් නාස්තිකාර ගනුදෙනුවක් වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් පසුගිය රජයන් දෙකටම චෝදනා එල්ල වෙමින් ඇත මෙම ගනුදෙනුවත් ගනුදෙනුව අත් හිටුවීමට ගත් තීරණයත් නිසා මෙරටට අහිමි මුදල ඩොලර් මිලියන ගණනක් බව හෙළිවී ඇත

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අද (19) කෝප් කමිටුවේදී අනාවරණය වූ කරුණු මත වාර්තාවක් සකස් කර නීතිපතිවරයා වෙත යොමු කිරීමට කෝප් සභාපතිවරයා තීරණය කර තිබේ.

ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම, ගුවන්යානා ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් නිසි උපදේශන හා ක්‍රියාමාර්ග නොගැනීම යනාදී කරුණු පිළිබඳව අද විශේෂ අවධානයක් යොමු වී තිබේ.

මෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ගුවන් යානා අත්පත් කර ගැනීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා වූ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මුළු වන්දි මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 115.77 ගෙවීමට සිදු වීම සම්බන්ධයෙන් කමිටුව සිය අප්‍රසාදය පළ කළේය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ගුවන් සමාගමට ලැබී තිබු ඇමරිකානු ඩොලර් මිලියන 375න් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ණය පියවීම සඳහා ඩොලර් මිලියන 355.5ක් භාණ්ඩාගාර අනුමැතිය යටතේ භාවිත කොට ඇති බව කමිටුවේදී අනාවරණය විය.

ඒ අනුව, ඇමරිකානු එකසත් ජනපද ඩොලර් මිලියන 19.5 ආයතනය සතුව තිබියදී තිබියදී ඩොලර් බිලියන 2.8 වූ මෙම ගුවන් යානා ගිවිසුමට අවතීර්ණ වුයේ ඇයිද යන්න කමිටුව විසින් අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

අධ්‍යක්ෂක මණ්ඩලයේ යම් යම් වෙනස් වීම් සිදු වුවද, මෙවන් අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ඒ අදාළ නිලධාරීන්ට බැහැරව කටයුතු කළ නොහැකි බව කමිටුව මෙහිදී අවධාරණය කල අතර මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් විගණකාධිපති වරයා හට උපදෙස් ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *