කොන්ක්‍රීට් ප්‍රවාහන ලොරියක් ගම්පහ කටුනායක මාර්ගයේ කොටසක් වනසයි!!!

මාර්ග නීති නොතකමින් ධාවනය කරලා වාහන රැසකට හානි

අද උදෑසන ගම්පහ කටුනායක ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොන්ක්‍රී ප්‍රවාහනය කරන ලොරි රථයකින් වැටුණු කොන්ක්‍රීට් ගල් නිසා අද උදෑසන කාලයේ එම මාර්ගයේ කිලෝමීටර් තුනක පමණ කොටසක් දූවිල්ලෙන් වැසීයන ලදී අධික වේගයෙන් ධාවනය කරන ලද කොන්ක්‍රීට් ප්‍රවාහන ලොරියෙන් කොන්ක්‍රීට් මාර්ගයට සහ මාර්ගයේ ගමන්ගත් වාහන වලට සහ පුද්ගලයන්ගේ ඇගට වැටීමෙන් ප්‍රදේශයේ නොසන්සුන් තාවයක් ඇතිවන ලදී කොන්ක්‍රීට් මාර්ගයට හලමින් අධික වේගයෙන් ධාවනයවූ ලොරි රථය ප්‍රදේශයෙන් තරුණයන් විසින් යතුරු පැදිවලින් ගොස් නවතාගෙන ඇත

ඔවුන් කිහිප දෙනෙකුගේ ඇගට කොන්ක්‍රීට් වැටීමෙන් සුළු තුවාල සිදුව ඇත උඩුගම්පොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම කොන්ක්‍රීට් කර්මාන්ත ශාලාව මගින් ප්‍රදේශයේ ජනතාවට පවා අවහිර එල්ල වී ඇත අවස්ථා ගණනකදී අදාල බලධාරීන් දැනුවත් කලද අදාල කොන්ක්‍රීට් කර්මාන්ත ශාලාව පරිසරය ගැන හෝ මාර්ගයන් ගැන තැකීමක් නොකර නිරන්තරයෙන් කොන්ක්‍රීට් ප්‍රවාහනය සිදුකරන බව ජනතාව සදහන් කරයි

අද උදෑසන අති වූ මෙම සිද්ධියෙන් සිල් සමාදන්වීමට ගිය කාන්තාවන් කිහිප දෙනෙකුටද කොන්ක්‍රීට් ඇගට වැටී ඇත ඔවුන් පන්සල් යාම පසෙක දමා නිවෙස් වලට ගිය බව ප්‍රදේශවාසීන් සදහන් කරන ලදී තවත් මාර්ගයේ ගමන්ගත් වාහන 20 කට 30 කට අධික ප්‍රමාණයකට කොන්ක්‍රීට් විසි වූ බවත් සදහන් කරන ලදී මෙවන් අවනීතික රියදුරන් සම්බන්ධයෙන් නීතිය වහා ක්‍රියාත්මක කලයුතු බව ප්‍රදේශවාසීන් සදහන් කරන ලදී සිද්ධිය වාර්තාවීමත් සමග මිනුවන්ගොඩ පොලීසිය විසින් අදාල කොන්ක්‍රීට් ප්‍රවාහන ලොරිය සහ රියදුරු පොලිස් භාරයට ගන්නා ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *