“දිරියෙන් පෙරමුණට යන්න ළමා කැළට සවිය දෙන්න” // මෙවර ළමා දින තේමාවයි
ලෝක ළමා-වැඩහිටි දින සැමරුම අද ජනපති අගමැති ප්‍රධානත්වයෙන්
ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් දිනය අදයි. ළමා දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද (01) උදේ 9.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
“දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සවිය දෙන්න” මෙවර ළමා දින ජාතික උත්සවයේ තේමාව වන අතර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එය සංවිධානය කරයි. මෙවර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන ලෝක ළමා දින ජාතික උත්සවයේදී ළමා දින සමරු මුද්දරයක් නිකුත්කිරීම, විශේෂ දක්ෂතා සහිත දරුවන්ට සම්මාන හා ත්‍යාග පිරිනැමීම, ළමා කුසලතා එළිදැක්වීම, ඇතුළු විශේෂාංග රැසක් මෙහිදී පැවැත්වේ.
ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අද (01) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිගාමඩුල්ල පුරවරයේ අම්පාර නගරයේදී පැවැත්වේ.සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා ප්රමුඛ දිගාමඩුල්ලේ ජනතාව මෙවර ජාතික සැමැරුම් උත්සවය අභිමානවත්ව සංවිධානය කොට ඇත.