මාවනැල්ලේ වර්ණ ගැන්වූ කුළුබඩු නිෂ්පාදනාගාරය වටලයි

ජායාරූප සහ සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර
මාවනැල්ල බැමිණියවත්ත ප‍්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගියේ යැයි පවසෙන නීතිවිරෝධි කෘත‍්‍රීම කුළුබඩු නිෂ්පාදනගාරයක් වටලා එහි තිබු තුනපහ කුඩු කිලෝ 641ක්, මිරිස්කුඩු කිලෝ 864 ක්, වර්ණ ගැන්වූ කහ කුඩු කිලෝ 40ක්, කෘතිම වර්ණක අඩංගු විශාල ටින් ප‍්‍රමාණයක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයයේ නිලධාරින් කණ්ඩායමක් හා මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කණ්ඩායමක් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙම වැටලීමේදි කිසි සෙත් මිනිස් පරිභෝජනයට නුසුදුසු කෘත‍්‍රිම කහ කුඩු, මිරිස් කුඩු සහ තුනපහ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා ගබඩාකර තිබූ නුසුදුසු පණු කැදලි සහිත සුදු කැකුළු සහල් කිලෝ එකසිය පනහක්, ගම්මිරිස් කිලෝ දෙසියකය ආසන්න ප‍්‍රමාණයක්, රතු පැහැති කෘත‍්‍රිම ඩයි කිලෝ තිහක්,වෙනත් කෘතීම වර්ණක කිලෝ තිහක්, කහ වර්ණ පැකට් එකසිය පනහක්, කඩල පිටි කිලෝ හතළිහක් පමණ සොයා ගෙන ඇත.
එමෙන්ම වෙළෙද පොළේ ඇති ජනප‍්‍රිය වෙළෙඳ සංනාමය සඳහන් ඇසුරුම් වල පිට කවරයේ සීයට සීයයක් ස්භාවික කුළුබඩු යන්න මුද්‍රණය කර තිබු කවර රැුසක්ද එහි තිබි නිරික්ෂණය වි ඇත.
පොලිසිය මගින් අත්අඩංගුවට ගනුලැබු කුළුබඩවල ස්වාභාවික මිශ‍්‍රණය සියයයට පහකුත් සියයට අනූපහක් කෘත‍්‍රිම කුළුබඩු බවත්, ඒවායෙහි පිළිකා කාරක අඩංගු විය හැකි බවට සැකකෙරෙන අතර සොයා ගනුලැබු කුළුබඩු වල සාම්පල රසපරික්ෂක වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අදාළ නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබීමට පියවරගත්බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මුදිත ලියනගේ එහිදි පැවසීය.
මෙහි නිෂ්පාදන කෙරෙන කුළු බඩුවල පිළිකා කාරක අඩංගුවී ඇති බවට සැක කෙරෙන බවද පැවසූ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කිරිම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම, ඇතුළු චෝදනාද සමග බී වාර්තාවක් මගින් අධිකරණය හමුවට කරුනු ඉදිරිපත් කිරිමට කටයුතු කරන බටද පැවසීය.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් මත, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අභයරත්න, පොලිස් සැරයන්වරුන් වන,53754 අලහකෝ, 10740 ගුණරත්න, 51215 රණසිංහ, පොලිස් කොස්තාපල් 68714 මධුසංක යන නිලධාරින් සහ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික‍්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මුදිත ලියනගේ, මහතාගේද මෙහෙය විමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන ජනක තිලකරත්න, උපුල් බණ්ඩාර, හතුරුසිහ යන නිලධාරිහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.
ජායාරූප සහිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *