ගල්කිස්ස වෙරළ සංවර්ධනය මහ මුහුදට යද්දී කොළඹ කුණු වෙරළ යටකරයි!!

මෙරට සුන්දර වෙරල තීරයක් වන ගල්කිස්ස වෙරල තීරය සම්බන්ධයෙන් මේ දිනවල නොයෙකුත් මාතෘකා මතුවන යුගයක එහි නවතම වාර්තාව වන්නේ එම වෙරල තීරය පුරාම කැලි කසල වලින් පිරීගිය තත්වයක් බව වාර්තා වෙයිපසුගිය රජය යෝජනා කල වත්මන් රජය ක්‍රියාත්මක කරන ගල්කිස්ස වෙරල සංරක්ක්ෂණ වැඩ සටහන සම්පුර්ණයෙන්ම වතුරේ ගසාගෙන ගොස් අවසන්ය ඒ මෙරට ජාතික ධනයෙන් රුපියල් මිලියන 890 වක් වියදම් කර සිදුකල අසාර්ථක සංවර්ධන ව්‍යාප්තියක් බව මෙරට සමාජයේ කථාබහට ලක්ව ඇත

මීට මාස කිහිපයකට පෙර ඇරඹි මෙම සංවර්ධන කටයුත්ත මගින් මුහුදු වෙරල තුල නව වැලි සංරක්ෂණ ව්‍යාප්තිය වන ලදී එහි අද තත්වය එම වැලි වැටිය සම්පුර්ණයෙන්ම මහා මුහුදට ගලා ගොස් ඇත අද වන විට ගල්කිස්ස මුහුදු වෙරල දැඩි ඛාදනයකට මුහුණ පා සිටී ඊයේ දිනයේ සිට මෙම වෙරල තීරය වෙත දැඩි ලෙස අප ද්‍රව්‍ය ගල එමින් ඇත ඊයේ දිනයේ සිට වෙරළ තීරයට ගොඩ ගසා ඇති අප ද්‍රව්‍ය නිසා සමස්ත වෙරළ පද්ධතියම අශෝභන වී ඇත මේ මෙරට සංවර්ධනයේ තවත් අසාර්ථක පැතිකඩක් බව විවිධ පාර්ශව චෝදනා කරන අතර ආණ්ඩුවේ ඇතැම් පිරිස් විශේෂයෙන් නාමල් රාජපක්ෂ මහතා මෙම ව්‍යාප්තිය අසාර්ථක බව කියද්දී තවත් කණ්ඩායමක් මෙම ව්‍යාප්තියේ සාර්ථක බව කියයි ඇත්තටම ගල්කිස්ස වෙරළ තීරයට මොකද වුණේ ඒ දන්නේ උඩ සිටින දෙවියන් පමණක් බව අපගේ විශ්වාසයයි

රජයේ මුදල් මිලියන 890 ක් වියදම් කල මෙම ව්‍යාප්තිය තුලින් අපේක්ෂිත ප්‍රථිපල නොලැබුණු මොහොතක බලදාරීන් පෙරට පැමිණ කියා සිටියේ මෙම වැලි වැල්ලවත්ත පර්දේශයට ගොස් වැලි වැටියක් නිර්මාණය වන බවයි එහෙත් එවැනි සංසිද්ධියක් ඇති වීම වෙනුවට සිදුව ඇත්තේ ගල්කිස්ස වෙරල තීරය කුණු කසල වලින් පිරී ඉතිරී යාමනම් මේ ජාතික ධනය වියදම් කල සංවර්ධන ක්‍රියාවලියේ අසාර්ථක බව කියන්නට තවත් උදාහරණ කුමක්ද යන්න ප්‍රශ්නයක් බව පරිසර වේදීන්ගේ අදහස වී ඇත මෙය තනිකරම වත්මන් ආණ්ඩුවේ අසාර්ත වැඩක් බව ඔවුන් සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *