තෙල් සංස්ථාවේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ මහතා

පුද්ගලයෙකුට මරු කැදවමින් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් ඇතිවූ සිද්ධියේදී දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයකු වී කලබලයක් ඇති කිරීම සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ මහතා අත්අඩංගුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ලංකා ජයරත්න මෙනවිය හමුවට අද (7) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ මහතා ලබන 11 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනිදා කොළඹ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරනයට් ඉදිරිපත් කරන ලදී. ඔක්තෝම්බර් 26 වන දින වනතෙක් ඛනිජ තෙල් ඇමතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග මහතා ආණ්ඩුවේ සිදුවූ අනපේක්ෂිත වෙනසත් සමග විදෙස් සංචාරය නිමවා මෙරටට පැමිණි අවස්ථාවේදී තම ආමත්‍යාංශ කාර්යාලයේ ඇති සිය පෞද්ගිලක ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා එහි ගිය අවස්ථාවේ මෙම නාගරික මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පොලු මුගුරු සහිතව පැමින එහි කලබලකාරී වාතාවරණයක් ඇති කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂාව සිටි ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.සිද්ධියට අදාලව අර්ජුන රණතුංග මහතා ද අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරින ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *