බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය නිසා කොළඹට ඉහළ අවදානමක්

කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙරට සමාජයේ වේගයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇති අතර එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු කොළඹ හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.නව වෛරසය ආසාදිතයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ පළමු සහ දෙවන ආශ්‍රීතයන් හඳුනා ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සඳහන් කරයි.

මීට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ආසාදිතයන් බියගම,අවිස්සාවේල්ල සහ වව්නියාවෙන් වාර්තා වූ අතර මෙම ප්‍රභේදයේ වේගවත් පැතිරීමේ හැකියාව හේතුවෙන් ඉදිරි සති කිහිපය තුල දිවයිනේ කොරෝනා රෝගීන් ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

 ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා

මේ වෙද්දී බි‍්‍රතාන්‍යයේ ඉතා වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඞ් 19 නව වෛරස් ප‍්‍රභේදය ලංකාවේ ප‍්‍රදේශ 4කින් වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය ගැන සෞඛ්‍ය බලධාරීන් අවබෝධ කරගන්න ඕනෑ. තාම ප‍්‍රමාද නැහැ. ඒ නිසා මේ මොහොතේ නිවැරදි තීරණයක් ගත්තේ නැත්නම් ඉදිරි මාසය තුළ අපි ඉතාමත් අවදානම් තත්ත්වයට තල්ලූ වෙලා සම්පූර්ණයෙන්ම රට අඩපණ වෙලා රටම කොවිඞ් 19ට නතු වෙන්න පුළුවන්. සෞඛ්‍ය බලධාරීන් මේ මොහොතේ බිම් මට්ටමේ තියෙන සැබෑ ස්වරූපය මත පදනම් වෙලා කඩිනම් තීරණයක් ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *