ගුවන්තොටුපල වැසීම සම්බධයෙන් ජනපති සමග සාකච්චා // සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි

පුත්තලම දකුණු පාලාත සහ බස්නාහිර පළාතේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෛරසය පැතිරයාමේ අවධානමක්

කොරෝනා වෛරසය වඩාත් වැඩියෙන් රට තුලට ඇතුළු වීමේ අවධානමක් ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සියලු මෙහෙයුම් කටයුතු නවතා දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චාවකින් පසු තීරණය කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙයි දැනට කොරෝනා අසාධිතයින් පැමිණි බවට සක කරන කටුනායක ගුවන් තොටුපල සම්පුර්ණ ජීවානු හරණයකට ලක්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත මේ වනවිටත් ක්‍රියාත්මක මට්ටමේ පවතින ගුවන් තොටුපලේ කටයුතු සියලු ආරක්‍ෂිත පියවර මගින් සිදුකරන සිදුකරන බව ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාර තුමන් සදහන් කරන ලදී. ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු සිදු වුවද පැමිණීමේ සහ පිටවීමේ මගීන්ගේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවත් ඒ සියලු මගීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවද සදහන් කරයි

මේ වන විට පුත්තලම දකුණු පාලාත සහ බස්නාහිර පළාතේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෛරසය පැතිරයාමේ අවධානමක් ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙන අතර එම ප්‍රදේශවල ජනතාව හැකි තරම් නිවෙස් වලට වී සිටින ලෙසත් දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දෙයි මෙම නිරෝධායන කටයුතු වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශනයේ සදහන් වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *