CID නව අධ්‍යක්ෂකගේ පත්වීම ගැන නිලධාරීන් කොමිසමට ලියයි!!

නව අධ්‍යක්ෂකගේ උසස් වීම් ලබා ගැනීමේදී බරපතල අක්‍රමිකතාවක් වෙලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID)ට අලුතින් පත්කර ඇති අධ්‍යක්ෂවරයා යටතේ සේවය කළ නොහැකි නිසා, තමන්ට වහාම ස්ථාන මාරු ලබාදෙන ලෙස ඉල්ලමින් එම දෙපාර්තමේන්තුවේ සේවය කරන ඉහළ නිලධාරීන් 7 දෙනෙකු ජාතික පොලිස් කොමිසමට ලිපියක් යොමු කර තිබේ.

පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකු මෙම ලිපිය යොමු කර ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ආර්.පී.ජේ.අල්විස් , අලුතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරිණි. එම පත්කිරීම සිදු කර තිබුණේ ද පොලිස් කොමිසමේ නිර්දේශ මත ය.

මෙම නිලධාරියා සහකාර පොලිස් අධිකාරි ධුරයේ සිට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දක්වා උසස්වීම් ලබාගැනීමේ බරපතළ අක්‍රමිකතාවක් ඇති බවත්, ඊට එරෙහිව මේ වන විට තමන් ගොනු කරන ලද නඩුවක් අධිකරණයේ විභාග වන බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන් ය. එම නිසා අත්තනෝමතික ලෙස ජ්‍යේෂ්ඨත්වයට පත් වූ නිලධාරියෙකු යටතේ සේවය කිරීමට නොහැකි බව එම නිලධාරීන් පොලිස් කොමිසමට දැනුම් දී ඇත.

සහකාර පොලිස් අධිකාරි ධුරයේ සිට ඉහළට තනතුරු දරන රාජ්‍ය නිවේදිත නිලධාරීන් 15 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර, අධ්‍යක්ෂවරයා හැරුණු කොට ඉහළ නිලධාරීන්ගෙන් හරි අඩක්ම මේ ලිපිය මගින් අදාළ පත්වීමට විරෝධය පළ කර තිබේ. මෑත කාලයේදී පොලිසියේ අභ්‍යන්තර දෙපාර්තමේන්තුවක් තුළ මෙවැනි බරපතළ විරෝධයක් දැක්වූ එකම අවස්ථාව මෙය වේ

lanka web

Leave a Reply

Your email address will not be published. Required fields are marked *