ලෝක පූජිත ක්‍රීඩකයන් කොමිසම් වලට බැදුම්කර වංචාව ගැන ප්‍රකාශ ගන්න CID .. රනිල්ගේ නිවසටම

ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ,සංගා සහ මහේල ඇතුළු ක්‍රීඩකයන් 2011 ලෝක කුසලාන අවසන් තරගයේ තරගය පවා දුන් බවට පැමිණිල්ලක් මත එම ක්‍රීඩකයන් ක්‍රීඩා සම්බන්ධ විමර්ශන ඒකකයට කැදවා ප්‍රකාශ සටහන් කරන අතරතුර මෙරට සිදුවූ විශාලතම මුදල් වංචාව වශයෙන් ප්‍රකට මහබැංකු බැදුම්කර වංචාව සමබධයෙන් චෝදනා එල්ල වන හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසටම ගොස් අදාල ප්‍රකාශයන් ලබාගෙන ඇත.

ජනාධිපති කොමිසමක් හමුවේ සෘජුව චෝදනා ලැබූ පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්තා දෙකකින් සෘජුව චෝදනා එල්ල වන හිටපු අග්‍රාමාත්‍ය වරයා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසටම ගොස් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුව ඇත පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවේ සදහන් කල පරිදි එහි බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවන් නීතිය හමුවට රැගෙන ඒමත් ඔවුන් සදහා නිසි දඩුවම් ලබාදෙන බවටත් සදහන් කල එදා විපක්ෂයේ කණ්ඩායම් අද ආණ්ඩු බලය හොබවන අවස්ථාවක මෙම සිදුවීම සිදුව ඇත

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව කටඋත්තර ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (03) පස්වරුවේ කොළඹ 03, පස්වන පටුමගේ පිහිටි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් තිබේ.

අද පස්වරු 3.40ට මෙම පමණ කටඋත්තර සටහන් කර ගැනීම ආරම්භ කර ඇති අතර පස්වරු 7.30ට අවසන් ව තිබුණි. ඒ අනුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් කණ්ඩායම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පරිගණයක් ඇතුලු උපකරණ සහ ලිපි ගොනු රැසක්ද එහි රැගෙන ගොස් තිබී ඇත.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතාගෙන් සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබිණි.

මේ ආකාරයට පසුගිය මෛත්‍රී රනිල් පාලන සමයේදී සිරිලිය ගිණුමේ වංචාකාරී ගණුදෙනු පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ නිලධාරින් ඇය සිටි කතානායක නිල නිවස වෙත ගිය අතර ඉන් පසු 2011 ලෝක කුසලානය ඉන්දියාවට පාවාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පසුගියදා විමර්ශණ පොලිස් නිලධාරීන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිවසය ගියේ ය.

ඉන් පසු වාර්තා වන සිදුවීම වන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ඔහුගෙන්, මෙරට සිදු වූ සුප්‍රකට වංචා අතර ප්‍රධා තැනක් ගන්නා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යාමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *