නොකී කථා කම්බි කොටුවේ “රාළහාමි” නළුකම තෝරා ගනීද?

නොකී කථා

කම්බි කොටුවේ “රාළහාමි”ඩුලිප් විජේසේකර හිටපු ඇමති නළුකම තෝරා ගනීද?????

      කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටේම ජනතාව නිවාස වලට කොටු වුණා කොළඹ හා ගම්පහ ජනතාවට මෙම තත්ත්වය ප්‍රබලව දැනුනි. මේ තත්ත්වය හමුවේ ඇතැම් දෙනා නිවෙස් වල එළවළු වැවීම ආරම්භ කළේය. ඇතැම්හු මල් යැවුහ. තවත් සමහරු තමන්ගේ හැකියාවන් පවතින ක්ෂේත්‍රවලින් විවිධ නිර්මාණ සිදු කළේ ය. දැනට තක්සේරු කර ඇති ආකාරයට කොරෝනා මර්දනය හා සම්බන්ධව නව නිර්මාණ 200ක් පමණ මෙරට බිහිවී තිබේ. එය ඉතාම හොඳ ප්‍රවණතාවයකි. එවැනි දියුණු මට්ටමක් ලොව කිසිදු රටක දැකගත නොහැකිය. කොරෝනා හමුවේ අපේ රට එවැනි තත්වයක් පවතිද්දී, කිසිදා කිසිවෙකුත් නොසිතන අය විවිධ විවිධ නිර්මාණ කාර්යයට උරදී සිටින බව අප වෙත වාර්තා වේ. 

            දේශපාලනඥයන්ට රඟපෑම අරුමයක් නොවුණ ද, ජනතාව ඉදිරියේ රඟපෑම තබා තම පුද්ගලික ධනය පවා වැය කරමින් ජනතා සේවය කරන අයද කැමරාවට සම්බන්ධ වී ඇත්තේ කොරෝනා අතරේ නිවසේ සිටින කාලයේදී බව Lanka ABC වෙත වාර්තාවේ. මේ එවැනි එක් දේශපාලන චරිතයකි. 

පියාගේ හා මවගේ ආභාෂයෙන් දේශපාලනයට ආ මේ චරිතය බෙහෙවින් නිහඬය. සියනෑවේ බොහෝ දෙනා ඔහු හදුන්වනුයේ කම්බි කොටුවේ “රාළහාමි යනුවෙනි. ඉතා රහසිගත අයුරින් රූගතකිරීම් කළ ද රාළහාමිගේ රඟපෑමේ තරම ගැන ඡායාරූප රැසක් දැන් අප සතුය. ඒවායෙහි හොඳ හොඳ දෑ සටහන්ව තිබේ. එපමණක් නොව තවත් දේශපාලනඥයින් හා ප්‍රසිද්ධ පුද්ගලයන් කොරෝනා අතරේ කළ කී දහසක් කටයුතු පිළිබඳව තොරතුරුද අප වෙත ලැබෙමින් පවතී. ඉදිරියේදී ඒවා පිළිබඳ ඔවුන් නොකී කතා රැසක් හෙළි කිරීමට Lanka ABC සූදානම්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *