මධ්‍යම මහ ඇමැතිටත් යහපාලනය එපා වේ.
පළාත් සභා චන්දයට පෙර ශ්‍රී.ල.නි.ප.කණ්ඩායම් එක්විය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී වෙන්වී චන්දය ඉල්ලීමේ ප්‍රතිපල පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දැකගත හැකිවූ බැවින් ඉදිරි පළාත් සභා චන්දයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ද කණ්ඩායම් එක්විය යුතු බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ප්‍රකාශ කරනවා.මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාතික ආණ්ඩුව නිසා යම් යම් හොඳ ප්‍රතිපල රටට ලැබුනද බැඳුම්කර වංචාව හා සම්බන්ද පිරිස් සමග රජය තුල සිටීමෙන් අවාසියක් සිදුවන බවයි.මේ ආණ්ඩුවෙන් ඉවත්වීම සුදුසු බව ද ඒ මහතා පැවසීය.