පාස්කු කොමිසමෙන් හිටපු ජනපතිට එල්ලවන චෝදනා පත්‍රය

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එල්ල වන චෝදනා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති දූරයට සහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතරුව ජාතික ආරක්ෂක කවුන්සිලය නිතිපතා රැස්නොවීම සහ ඇතැම් මාසවල කිසිදු රැස්වීමක් නොපැවැත්වීම ජනධිපති කොමිසමේ දැඩි නිරීක්ෂණයට ලක්ව ඇත හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් ගත් පියවර ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත්තේනම් නිතිපතා ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්කිරීමට තිබු බවත් කොමිසම සදහන් කරයි.

ජාතික ආරක්ෂාව පැහැරහැරීම ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියා සහ රාජකාරී තත්වයන් පිලිබදව බිහිසුණු තත්වයක් නිර්මාණය කර ඇති බවත් ජාතික ආරක්ෂාව පිලිබදව අධීක්ෂණයක් පවත්වා සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් තුලින් ජාතික ආරක්ෂාවට සිදුවන අනතුර අධීක්ෂණය කළයුතුව තිබු බවත් රාජ්‍ය බුද්ධිසේවය ලබාදුන් තොරතුරු අනුව යමින් සහරාන්ව විශේෂ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම කල යුතුව තිබූ බවත්කොමිසම සදහන් කරයි.

එවැනි අධීක්ෂණයක් හිටපු ජනධිපතිවරයා විසින් සිදු නොකිරීම නිසා ජනතාවගේ ස්වෛරීභාවයට එය අගතිඝාමී ලෙස බලපා ඇතිබවත් ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 4 වෙනිදාට පෙර කරුණු සලකා බැලීමේදී හිටපු ජනාධිපතිවරයා රාජකාරී සහ වගකීම් පැහැර ඇති බවත් එම අසාර්ථකත්වය තම රාජකාරිය පිළිබද සිවිල් නොසැලකිලිමත් කම ඉක්මවා යන බවත් විදෙස් බුද්ධි සේවයකින් ලද ප්‍රහාරය පිළිබද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ලබාදුන් තොරතුරු පරස්පර බවත් හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හිටපු ජනධිපතිවරයා ඕනෑම වරදකින් ගලවා ගැනීමේ අරමුණකින් චේතන්වකින් පසුවූ බව කොමිසම සදහන් කරයි

එමෙන්ම හිටපු ජනපති හිටපු බුද්ධි අධ්‍යක්ෂගේ වැරදි සම්බන්ධයෙන් සදහන් කිරීමට දැඩි ලෙස පැකිළුණු බවත් එවැනි පැකිලීමක් හිටපු ආරක්ෂක ලේකම් වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට දොස් පැවරීමේදී සිදු නොවුබවත් ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුර 2019 අප්‍රේල් 4 සහ 16 අතර කාලය තුල හිටපු ජන්ධිපතිවරයට ලබා දී ඇති බව කොමිසම සදහන් කරනවා මෙවැනි තත්වයක් තුල හිටපු ජනධිපතිවරයා විදෙස් ගතවී මේදී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත්නොකිරීම ආණ්ඩුක්‍රම විවස්ථාව උල්ලංගනය කිරීමක් බවද කොමිසම සදහන් කරනවා

එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියෙදීත් එවැන්නක් කිරීම තුලින් සහරාන්ගේ ප්‍රහාරයට චේතනාන්විතව මග පාදා ඇති බව කොමිසම සදහන් කරයි මෙම අතපසු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සාපරාධී වගකීමක් ඇතිබවත් දණ්ඩනීති සංග්‍රහය යටතේ සුදුසු විදිවිධාන යටතේ ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම කෙරෙහි අවධානය දක්වන ලෙස ජනධිපති කොමිසම් සභාවේ අවසන් වාර්තාවේ නිරදේශය වී ඇත

හිටපු අගමැති රනිල්වික්‍රමසිංහ ගේ ආණ්ඩුව කලසීමවෙදී ඉස්ලාම් අන්තවාදී ආගමික නීතිය සම්බන්ධයෙන් පවතී ලිහිල් ප්‍රතිපත්තිය ඉස්ලාම් අන්තවාදය පෝෂණය වීමට මගක් වූ බව කොමිසම මගින් පෙන්වා දී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *