චන්දිම සහ ෂාන්ට ගාල්ලේ මනාපය කකුල් මාට්ටු දමයි!!

ගාල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන්ට චන්දිම වීරක්කොඩි හා ශාන් විජය ලාල් ද සිල්වා පිළිබඳව විස්වාසයක් නෑ!

ගියවරත් පැන්නා!මේවරත් පනිනවා! පනින විස්වාස කරන්න බැරි අයට ජන්දය මනාපය ගාල්ලෙන් නෑ!මේවර මනාප ජන්දය පොහොට්ටුවේ අපේක්ෂකයන්ට පමණයි!

දොස්තර රමේෂ් පතිරණ,මොහාන් පී ද සිල්වා ,ගීතා,සම්පත් අතුකෝරල, ඉසුරු දොඩංගොඩගේ කරළ පැහෙයි!

ගාල්ල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන්, අපේක්ෂකයන් හා පාක්ෂිකයන් ගාල්ලේ පැවැති රහස් රැස්වී‍මක දී තිරණය කරති.

මේ අනුව,ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 10 නියෝජනය කරමින් පොහොට්ටුවේම මන්ත්‍රිවරු පහක් (05) මෙවර 2020 පාර්ලිමේන්තු මහ මේතිවරණයෙන් පත්කරන්නට රහසිතගව සංවිධාන්තමක වැඩ සටහනක් මේවන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් විසින් ආරම්භ කර ඇති බැව් එම පක්ෂයේ ආසන සංවිධායකයෝ පවසති.

ජනතාවගේ ජන්දයෙන් මානාපයෙන් බලයට පැමිණ ජනතා විස්වාසය කඩකරමින් පක්ෂය හා ජනතාව පාවා දී කටයුතු කරන්නට පක්ෂ මාරු කරමින් කටයුතු කරන කිසිදු අපේක්ෂකයකුට මේවර ජන්දය ලබා දෙන්නට හෝ මනාපය ලබා නොදනේනට මේ අනුව තිරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන්  ගම්න් ගමට පොහොට්ටුවේ ක්‍රියාකාරින් දැනුවත් කරන්නට පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ ආසන සංවිධායකයෝ පවසති.

මෙහි දී ,චන්දිම වීරක්කොඩි හා ශාන් විජයලාද් සිල්වා යන අපේක්ෂකයන් දෙදෙනෙට මේවර මහ මැතිවරණයෙන් පරාජය කිරීමට මෙහිදී එකඟතාවයකට පත්වුහ.

චන්දිම වැඩිම මනාප අරගෙන එජාප ගියා. මේවරත් එහෙමම කරනවා. ඒ නිසා චන්දිම ගැන කිසිදු විස්වාසයක් තියන්නට එපා යැයි පොහොට්ටුවේ ආසන සංවිධාකයෝ මෙහි දි පසුගියදා ගාල්ලේ පැවැති රහසිගත රැස්විමික දී නිගමනයකට එළබ සිටිති.  

දකුණු පළාත් සභාවේ හිටිපු මහ ඇමති හාන් විජයලාල්ද සිල්වා මහතා සම්බන්ධයෙන්ද කිසිදු විස්වාසයක් නොමැති බවද මෙහිදි අනාවරණය වී ඇත. මේ නිසා පොහොට්ටුවට ජන්දය දෙන මනාපය පල කරන කිසිවෙක් චන්දිමට හෝ ශාන්ට ජන්දය නොදෙන්නට මෙම අවස්ථාවට එක්වු පළාත් පාලන ආයතවල නියෝජිතයන් තිරණය කළහ.

මෙහිදි ගෙන්ගෙට යෑමට ගම්මට්ටමින් කිසිවෙ චන්දිමට හා ශාන්ට වෙනුවෙන් ඉදිරිපත් නොවන අතර පොහොට්ටුවේ කිසිදු ගම් මට්ටමින් හා බිමි මට්ටමින් පවත්වන රැස්විමකට මෙම අපේකෂකයන් දෙදෙනාට ආරාධනා කිරීම හෝ කතා කිරීමට ඉඩ නොදෙන බවද මෙහිදි එකඟතාවයකට පැමිණියහ.

මේ අනුව, චන්දිම විරක්කොඩි හා ශාන් විජයලාල්ද සිල්වා යන ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට ජන්දය ආරම්භයේ දිම නරක කළ දසාවක් උදාවී ඇති බව ගාල්ල දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරති.

මේ පියවර සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාද දැනුවත් කර තිබෙන බවද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *