මත්පැන් අලවි සැල් වැසීමේ වාසිය (කසියා) අත්පත් කරගනී

මෙරට මත්පැන් අලවි සල් වසා හෙට දිනට මාසයක් ගතවන අතර එම කාලසීමාවේ දී මෙරට නීති විරෝධී මත්පැන් සදහා ඉහල ඉල්ලුමක් පවතින ලදී අදාල කාලසීමාව තුල කසිප්පු බෝතලයක් රුපියල් 400 සිට 1500 දක්වා වැඩිවී ඇත රා බෝතලයක් රුපියල් 100 සිට 300 දක්වා වැඩි වී ඇත එම නිසා මත්පැන් අලවි සල් වසා තැබුවද මෙරට මත් ලෝලීන් කෙසේ හෝ තමන්ගේ අවශ්‍ය තාවයන් සපුරා ගැනීමට පෙළඹෙන ලදී.

ඒ නිවසේ සහ කිහිප දෙනා එකතුව මත්පැන් නිෂ්පාදනය කිරීම දක්වා වැඩේ දුරදිග යන ලදී.විවිධ පලතුරු එකතු කරමින් පෙරාගත් පානයන් සදහා ඉහල ඉල්ලුමක් පැවතිනි. සමානය වෙළද පොලේ ගල් බෝතලයක් රු 3000 සිට 3500 -4000 දක්වා වැඩිවී තිබුණි.විදෙස් මත්පැන් බෝතලයක අවම ලන්සුව තිබුණේ 7000 ක මුදලකටය මේ නිසා ගමේ ගොඩේ පානයන් කෙරෙහි වැඩි ඉල්ලුමක් පැවතීම සාමාන්‍ය සිද්ධියක් විය.

ඇතැම් පිරිස් වෙත මේ කිසිම පානයක් නොලැබුනද මත්පැන් වෙනුවෙන් මානසිකව ස්වයං නිරෝධායනය වී තිබීම විශේෂත්වයක් විය. රටපුරා නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයනට හොදම කලක් පසුගිය මාසය පුරා හිමිව තිබුණි මේ අතරින් බොහොමයක් මත්පැන් ව්‍යාපාරිකයන් අත්‍යවශ භාණ්ඩ ප්‍රවාහනය කරන මුවාවෙන් විවිධ රටේ ප්‍රදේශවලට මත්පැන් ප්‍රවාහනය කිරීම පවා සිදු කරන ලදී.කෙසේ වෙතත් එළඹෙන 20 වෙනිදා ඇදිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල මත්පැන් අලවි සැල් විවෘත කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිම නිවේදනයක් නිකුත් කර නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *