පාස්කු ප්‍රහාරය දේශපාලන බලය වෙනුවෙන් කල ප්‍රහාරයක්

මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සදහන් කරයි

එදා පාස්කු ප්‍රහාරය එල්ල කලේ ආගමික අන්තවාදීන් නොවෙයි එම අන්තවාදය පාවිච්චි කරමින් මෙය සිදුකලේ පිරිසක් දේශපාලන බලය ලබාගන්න ශක්තිමත් කරගන්න කල වැඩක් තමන්ගේ දේශපාලන බලය ලබාගන්න ආගමික අන්තවාදය හෝ ආගමක් භාවිතා කරගන්න එපා ආගමවත් භාෂාවවත් තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් භාවිතා කරන්න එපා කවදා හෝ සත්‍ය යුක්තිය හෙළිවෙයි කාදිනල් හිමියන් මේ අදහස් පලකලේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය විසිදෙනෙකු සිහි කිරීම සදහා කොළඹ කනත්තේ ඉදිකළ ස්මාරකය අසිරි ගැන්වීමට එක්වෙමිනි

පාස්කු ප්‍රහාරය එලල්වී මෙම 21 වන දිනට වසර තුනක් ගතවන අතර එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් මරණයට පත්වූ අතර තවත් පිරිසක් තුවාල ලබන ලදී මෙම ප්‍රහාරයෙන් සදාකාලික අබාධිතයන් පිරිසක ද සිටින අතර මෙම ප්‍රහාරයේ වගකිව යුත්තන් ට නීතිය අකුරටම ඉටුකරන ලෙස කාදිනල හිමියන් මුල සිටම සදහන් කල අතර ජනාධිපති කොමිසම් වාර්තාවද නිකුතුව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *