කැප්ටන් කූල් දේශපාලය ගිනියම් කළාද? // 2020 ට අර්ජුන හරිද?

දේශපාලනයේ ප්‍රතිපති පමණක් පිළිගන්නා මහත්තයෙක් ද?

  • එදා 1993 ශ්‍රී ලංකා පිලේ නායකයා අර්ජුන රණතුංග ඉන්දීය සංචාරය
  • ටෙස් තරග තුනක් එක්දින තරග තුනක් පළමුව ටෙස් තරග තුන ඉනිමකින් පරාජය වීම
  • ඉන් පසු ආරම්බ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පළමු තරග දෙකම අන්ත පරාජයකට
  • අවසන් එක්දින තරගය යන්තමින් ගොඩ දා ගැනීම
  • තරගාවලියෙන් පසු අර්ජුනගේ නායකත්වය සම්බන්ධයෙන් විවිධ මත ඇතිවීම
  • කණ්ඩායම ඉන්දියාවට පවා දුන් බවට එවකට පිරිසකගෙන් චෝදනා ඇතුළු තවත් විවිධ චෝදනා ගොන්නක් අර්ජුනගේ හිස මතට
  • විනය චෝදනා මත වරක කණ්ඩායමේ නායකත්වය අහිමි වෙනවා
  • එළඹෙන කාලසීමාව අර්ජුනට කොහොම වෙයිද 1995 දී ආසියානු කුසලානය ඉන්දියාව , පකිස්ථානය ,බංගලාදේශය ,ශ්‍රී ලංකා කණ්ඩායම් තරග අටක් පවත්වනවා
  • එවර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ ඉන්දියාව හමුවේ පරදිනවා අපි ආසියාවේ අනුශුරයන් වෙනවා
  • 1995 නැවත සාජා තුන්කොන් තරගා වලිය තියුණු තරගාවලිය
  • ශ්‍රී ලංකාව අනුශුරයන් වෙනවා අනතුරව අර්ජුනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවට යනවා
  • තුන්කොන් තරගාවලියට එහිදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු කළුවිතාරණ ආරම්භක පිතිකරුවා වශයෙන් ඔස්ට්‍රේලියාව දණ ගස්වනවා
  • මේ සියලු සැලසුම් අර්ජුනගේ පුහුණුකරු වට්මෝර් සමග කණ්ඩායම අපූරුවට ගලපනවා
  • පළමු පන්දුවාර 15 තුල ක්‍රිකට් පිටිය දෙවනත් කරන ආරම්භක පිතිකරු යුගලය සනත් කළු බිහි වන්නේ අර්ජුනගේ නායකත්වයෙන්
  • 1996 වසර අපේ ක්‍රිකට් වංශ කථාව අලුතින් ලියනවා ලෝක කුසලානය ආරම්භ වෙනවා

අර්ජුන ඇතුළු අපේ ක්‍රිකට් විරුවන් තරගාවලියට පිවිසෙනවා ලෝකයම කථාකරන කැප්ටන් කූල් අර්ජුන අපේ රටේ අභිමානය ඉහලටම ඔසවමිනි පකිස්ථානයේ ලාහෝරයේ ගඩාපි ක්‍රීඩා පිටිය දෙවනත් වන ඔල්වරසන් මැදින් ජයග්‍රාහී ලකුණු හතර ඔස්ට්‍රේලියාවට එරෙහිව අර්ජුනගේ පිත්තෙන් තර්ඩ් මෑන් කලාපයෙන් තල්ලුවන පන්දුව හතරේ සීමාව සොයා යන්නේ ලෝකයේ ක්‍රීඩා කණ්ඩායමක් බලාපොරොත්තුවන සිහිනය අපේ රටට දායාද කරනවා ඒ අර්ජුන රණතුංග නැති ජයග්‍රහණ අපිට දායාද කරණ නායකයා බව ලෝකයටම කියා දෙනවා

ඒ ක්‍රිකට් පිටියේ අර්ජුන රණතුංග පසුකලක දේශපාලනයට එනවා කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු තැනට තේරෙනවා දේශපාලනයේ උඩුගම් බලා පීනන දේශපාලකයෙකු වශයෙන් ජනතාව අතර සිට ජනතාවට නායකත්වය දෙනවා අර්ජුන ට පක්ෂයක් නැහැ හැබැයි වැඩ පිළිවෙලක් තියෙනවා ඒ රට වෙනුවෙන් 2010 දී වරප්‍රසාද වෙනුවෙන් දේශපාලකයන් පැති මාරුකරමින් වාසි සොයන යුගයක් අර්ජුන නිහඩයි පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා වෙනුවෙන් කදවුරු බදිනවා වේදිකා ගානේ තම හඩ රට වටා ගෙනියනවා

අර්ජුන එහෙම කරන්නේ දහසක් තාඩන පීඩන මධ්‍යයේ ඔහුගේ අරමුණ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙනවා තව දෙයක් කිව යුතුමයි ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින කාලයේ කිසිම වෙළද දැන්වීමක අර්ජුන පෙනී සිටින්නේ නැහැ මුදල් අර්ජුන පසුපස හඹා ආවත් අර්ජුන ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ දේශපාලනයේත් එහෙමයි අර්ජුන කියන්නේ කවුද කියලා මෙරට ජනතාවට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ මොකද අර්ජුන අපේ කාලයේ පමණක් නොවෙයි සදා කාලයේම මුදල් වෙනුවෙන් කටයුතු කරපු නායකයෙක් නොවෙයි

2015 යහපාලනය ගේන්න අර්ජුන පෙරට එනවා අර්ජුන ලංකාවේ එදා මෙදා තුර පැවති උණුසුම්ම ජනාධිපතිවරණයේදී දැඩි තරගයක් මහින්ද මෛත්‍රී අතර නිර්මාණය වෙනවා අර්ජුන කාටවත් මඩ අවලාද නැතිව රටපුරා මැතිවරණ වේදිකා වල තම හඩ අවධි කරනවා අවසානයේ මහින්ද රාජපක්ෂ පරදා අර්ජුන ඇතුළු කණ්ඩායම නායකත්වය දෙන මෛත්‍රී මෙරට හයවන විධායක ජනාධිපති වශයෙන් පත්වෙනවා ඒ දින සීයක ආණ්ඩුව නිර්මාණය වෙනවා අර්ජුන වරයා නාවික අමාත්‍ය දූරයට පත්වෙනවා එදා ගම්පහ තරුණ තරුණියන්ගේ රැකියා අපේක්ෂාව යථාර්තයක් කරන්න තම අමාත්‍ය දූරය යොදාගන්නවා

ගොඩක් ඇමතිවරු තම සුඛ විහරණය වෙනුවෙන් අමාත්‍ය දුරයන් හොබවන අවස්ථාවක අර්ජුන තම යුතුකම ජනතාව වෙනුවෙන් ඉටුකරනවා දින180 ක ආණ්ඩුවෙන් පසු මහ මැතිවරණ කැදවනවා එවකට අත්තනගල්ල ශ්‍රී ලනිප ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරනවා තම කණ්ඩායමට එදා මහින්ද රාජපක්ෂ කදවුර දැඩි ප්‍රහාරක් එල්ල කරනවා අර්ජුන තීරණයක් ගන්නවා රට ගොඩනැගීම වෙනුවෙන් කොන්දේසි විරහිතව එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරමින් තමන් ගොඩනැගු යහ පාලනය යථාර්තයක් කරන්න වෙනත් මගක් නැති බව එම තීරණයට හේතු සාධක වෙනවා එදා දිස්ත්‍රික්කයේ දින 60 කින් මැතිවරණය මෙහෙයවන අර්ජුන එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායමේ දෙවෙනි ස්ථානයට මනාප එක්ලක්ෂ හැත්තා දහස ඉකමවූ මනාපයක් ලබනවා

නැවත ගම්පහ තරුණයන් වෙනුවෙන් වැඩකරන්න පුළුවන් අමාත්‍ය දුරයක් ලැබෙනවා ඒ වරයා හා ගුවන්තොටුපල අමාත්‍ය දූරය හොබවමින් රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් සටනක් ගෙනියනවා අර්ජුනට තම අමාත්‍ය දුරයන් තුල නොයෙක් අභියෝග එල්ල වෙනවා ඒ කිසිවකින් නොසැලෙන අර්ජුන එදා ඔස්ට්‍රේලියාවේදී මුරලිදරන් ආරක්ෂා කල පරිදිම රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න පෙරමුණ ගන්නවා අර්ජුන ලාභය තකා වැඩ කලානම් අද දේශපාලනයට එන්න අවශ්‍ය නැහැ එකට හේතු ගොඩක් තියෙනවා වරාය විකිණීමේ අවස්ථාව එදා එම කටයුත්ත කරන්න අර්ජුන භාධකයක් වෙනවා

එම ආණ්ඩුවේ ඉහලම නියෝගයෙන් අර්ජුනට වරාය අමාත්‍ය දුරය අහිමි කරනවා නතුරුව ඛනිජ තෙල් අමාත්යංශය ලැබෙනවා පසුව ගුවන්තොටුපල අමාත්‍යංශය ලැබෙනවා මොන අමාත්‍යංශය ලැබුනත් අර්ජුන ඒ සියල්ල පාලනය කලේ ජනතාවගේ පැත්තේ ඉදලා එකට හොදම උදාහරණය තමයි 2015 සිට තමන් දරපු අමාත්‍ය දුරයන් තුලින් ගම්පහ තරුණ තරුණියන් දහස් ගණනින් රැකියා වෙත පිය නගනවා අර්ජුන ඒ සියල්ල දෙස බලන්නේ හද පිරි සතුටින් බව වරක් ඔහුගේ මව නන්දනී රණතුංග මැතිණිය සදහන් කරනවා ඒ සහතිකය හැර තවත් සහතික අර්ජුනට අවශ්‍ය නැහැ තම පියාගේ දේශපාලනය සහ මවගේ ආශිර්වාදය ලබමින් ගම්පහ සියනෑ සිව් කෝරලය සහ අනෙකුත් ප්‍රදේශ වලත් පොදුවේ රටටත් අර්ජුන මහජන සේවකයා නැතිනම් අපේ කාලයේ දේශපාලකයාගේ භූමිකාව නිර්මාණය කරනවා

අද අර්ජුන නැවත උඩුගම් බලා පිහිනනවා ඒ එජාපයේ අලියා ලකුණින් ගම්පහට තරග කරමින් අද එජාපය දෙකට කැඩිලා පක්ෂය පහලට වැටුණු අවස්ථාවක් එහෙත් අර්ජුන තෝරාගන්නේ ජයග්‍රාහණය වෙනුවෙන් පහසු මාර්ගය නොවන අතර අපහසු මාර්ගය බව කිව යුතුය මෙවර එජාපයේ පසුබැස්ස්ම කෙසේ වෙතත් ගම්පහ එජාප සටනේ ජනතා මනාපයේ ප්‍රමුඛයා අර්ජුන හැර වෙනත් විකල්පයක් නැහැ ඔහුට පොදුවේ ආදරය කරන ඔහුගේ ප්‍රතිපත්ති අගයකරන ගමපහ ජනතාව පාට පක්ෂ බේදයකින් තොරව අර්ජුන වටා එකතුවෙලා කියන ජනතා සාක්ෂිය යථාර්ථයක් වන්නේ අගෝස්තු 5 වෙනිදා අර්ජුන මොන පැත්තේ හිටියත් පොදුවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම නායකයා බව පොදු ජනතා මතය සත්‍යක් වගේම අර්ජුන මෙතෙක් කල කී දේවල් සමාජයේ ප්‍රතික්ෂේප කරන්න තරම් දෙයක් නැහැ අර්ජුන 2020 පාර්ලිමේන්තුව තුල සිටිය යුතුම මහජන නියෝජිතයා කියා ගම්පහ ජනතාව කැත නැතිව කියන්නේ ඒ නිසයි අර්ජුන රණතුංග කැප්ටන් කූල් වගේ කියන්නේ ඒ නිසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *