පාසල අසල ගොඩනැගිල්ල කඩා වැටෙන තුරු පරික්ෂණ අවසන් කල නොහැකිද ??

2020 සැප්තැබර් 22 හෙම්මාතගම තෙමහල් ගොඩනැගිල්ල කඩා වැටෙනකම් පරික්ෂණ අවසන් කරන්න බැරිවෙයිද ?

ජායාරූප සහ සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

මෙම ගොඩනැගිල්ලේ බිම් සහ කොලම් වල තිබෙන කම්බි අපිට පෙන්නේ නැහැ. ඒ සඳහා කඩලා බලලා තීරණයක් ගන්න ඔනෑ. බැලූ බැල්මට මේ ස්ථානයේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඒ වන තෙක් වෙළෙඳ සැල් විවෘත නොකර ඉන්නවා නම් ආරක්ෂිත වන බව කෑගල්ල දිස්ත‍්‍රික් ඉංජිනේරු එම්.එස්.ඩබ්. විමලචන්ද්‍ර මහතා හෙම්මාතගම නගරයේ ප‍්‍රධාන පාසල අසල තෙමහල් ගොඩනැගිල්ල පරික්ෂාවට ලක් කිරිමෙන් පසුව ඊයේ 21 පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.


කෑගල්ල දිස්ත‍්‍රික් ඉංජිනේරුවරයාගේ සහ කෑගල්ල දිස්ත‍්‍රික් අපදා කළමණාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතාද අදාල ස්ථානයේ පරික්ෂාවට එම දිනයේ සහභාගි විය.
මෙම ගොඩනැගිල්ල හෙම්මාතගම අරණායක ප‍්‍රධාන මාර්ගයේ හෙම්මාතගම නගර මධ්‍යයේ පිහිටා ඇත්තේ පාසල් දරුවන් 2000 කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන නගරගිරි මහා විද්‍යාලයේ පිවිසුම ආසන්නයේය. ගොඩනැගිල්ලේ ඉරි තැලිම් වාර්තා විමෙන් පසුව හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා ඇතුලූ නිලධාරින් මෙන්ම ග‍්‍රාම නිලධාරින් ඇතුලූ කණ්ඩායමක ස්ථාන පරික්ෂාවකින් පසුව එදින උදෑසන කඩ සාප්පු වසා දමා හෙම්මාතගම අරණායක ප‍්‍රධාන මාර්ගයේ හෙම්මාතගම රජයේ පුස්තකාලය අසල සිට ගොඩනැගිල්ලේ අවදානම ඇති ස්ථානයේ ප‍්‍රධාන මාර්ගයේ කොටස වාහාන නවතා තැබිම සහ ගමනාගමනය පවා තහනමට ලක් කරන ලදි. පාසල් විවෘත වන අවස්ථා වලදි සහ පාසල නිම විමෙන් පසුව අවදානම ඇති ස්ථානයෙන් දරුවන් ආරක්ෂිතව පිටමන් කිරිමට පොලිසිය මගින් සහ පාසලේ ගුරුවරුන් මගින් සිදු විය

මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ඉරි තැලිම් කිහිපයක්ම දක්නට ඇති අතර ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රීට් කණු කිහිපයක් අතින් සෝලවන විට ඒවා සේලවෙන අයුරුද එහිදි පැමිණි නිලධාරින්ට නිරික්ෂණය විය.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර තුන්වන මහලේ දැනට වසර කිහිපයකට පෙර පංති පැවැත්විම් කර ඇති අතර පවතින අවදානම හේතුවෙන් එහි පංති පැවැත්විම සිදු නොකර තුන්වන මහලයට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා කාලයක සිට වසා ඇත.
මෙම ගොඩනැගිල්ල පිහිටා ඇති භූමිය සම්බන්ධයෙන් පරික්ෂාවකට ලක් කිරිමට ආපදා කළමනාකරණ අමාත්‍යංශයට අයත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල පර්යේෂණ නිලධාරි ටි.එම්. ප‍්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුලූ නිලධාරි කණ්ඩායමක් පැමිණ ගොඩනැගිල්ල පිහිටි බිම පරික්ෂාවකට ලක් කරන ලදි. ඔවුන් පැවසුයේ ගොඩනැගිලේ තත්ව පරික්ෂණයක් සිදු කිරිමට සහ ඉරි තැලිම් සහ අවදානම සම්බන්ධයෙන් සොයා බැලිමට තවත් කණ්ඩායමක් පැමිණෙන විශේෂ පරික්ෂණයක් සිදු කර යුතු බවයි.

මිට දසක තුනකට වැඩි කාලයකට පෙර මෙම ගොඩනැගිල්ල සකස් කර ඇති අතර මෙම ගොඩනැගිල්ලට අයත් බිම් කඩ සහ ගොඩනැගිල්ල හෙම්මාතගම දුම්බුළුවාව පල්ලියට අයත් වන අතර දැනට කඩ හිමියන්ගේ බදු යනආදියද එකතු කරනුයේ පල්ලියේ දායක සභාව මගින්ය. ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ පදික මං තීරුව මෙන්ම ප‍්‍රධාන මාර්ගයද අවහිර වන අන්දමට වන බවද ජනතාව පවසයි. මෙම ඉඩමට නිතීයානුකූල ඔප්පු තිබිමට කිසිදු හැකියාවක් නොමැති බවද ජනතාව පවසයි. මෙම ඉඩම ඊට යාබදව පිහිටා ඇති පාසලට අයත් වන අතර මෙම ඉදිකිරිම අනවසර එකක් විය යුතු බැවින් නිතීයානූකූල පරික්ෂණයක් සාධාරණව කරවා මෙම ගොඩනැගිල්ල ඉවත් කර දමන ලෙසද ජනතාව පවසයි.

පාසලේ ආදි සිසු සංගමයද ඉදිරියේදි දැනුවත් කොට මෙම අවදානම සම්බන්ධයෙන් කඩිනම් රැුස්විමක් පැවැත්විමටද කටයුතු යොදන බව නගරගිරි මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති දිනෙෂ් තිලංක මහතා විසින් අප කල විමසිමකදි පැවසිය.

අප මේ සම්බන්ධයෙන් හෙම්මාතගම දුම්බුළුවාව පල්ලියේ සභාපති මොහොමඞ් ලෙබ්බේ ලියාන් රක්මාන් මහතාගෙන් විමසු විට ඒ මහතා අදහස් දක්වමින් පැවසුයේ මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවසාන තීන්දුවට අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි.
පාසලේ දෙමාපියන් පවසන්නේ ගොඩනැගිල්ල කඩා වැටෙන තෙක් පරික්ෂණ කරමින් වගකිව යුත්තන් බලා නොසිට වහාම කල යුතු කටයුතු ඉක්මනින් සිදු කර යුතු බවයි. දරුවන්ගේ සහ ජනතාවගේ ජිවිත දේපොල ආරක්ෂා කිරිමට මේ සඳහා කඩිනම් ක‍්‍රියා මාර්ග ගත යුතුව පවතින බවද ජනතාව කියයි.

කඩ කාමර අටකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලේ ඉරි තැලිම් කිහිපයක් හේතුවෙන් එම ස්ථානයේ වෙළඳාම් සිදු කරන කඩ හිමියන්ට ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන තෙක් සිය වෙළෙද ආයතන විවෘත නොකරන ලෙසට හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අද 21 මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයේ ස්ථාන පරික්ෂණයකින් පසුව පැවසිය.

හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා, හෙම්මාතගම වසම භාර ග‍්‍රාම නිලධාරි සෙනරත් වීරසේකර මහතා ඇතුලූ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් එම ගොඩනැගිල්ල නිරික්ෂණය කිරිමෙන් පසුව එම තීරණය ගනු ලැබිය.

හෙම්මාතගම අරණායක ප‍්‍රධාන මාර්ගය අසල හෙම්මාතගම නගරයේ පිහිටා ඇති මෙම තෙමහල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයට දරුවන් පැමිණෙන ප‍්‍රධාන ගෙට්ටුව අසලයි. ගොඩනැගිල්ලේ අවදානම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුයේ එම ගොඩනැගිල්ල ඉදිරිපිටින් පාසල් දරුවන් මෙන්ම ජනතාව ගමන් කිරිම වැලැක්විමට පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් සේවයට යොදවන බවයි.

මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ඉරි තැලිම් කිහිපයක්ම දක්නට ඇති අතර ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රීට් කණු කිහිපයක් අතින් සෝලවන විට ඒවා සේලවෙන අයුරුද එහිදි පැමිණි නිලධාරින්ට නිරික්ෂණය විය.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර තුන්වන මහලේ දැනට වසර කිහිපයකට පෙර පංති පැවැත්විම් කර ඇති අතර පවතින අවදානම හේතුවෙන් එහි පංති පැවැත්විම සිදු නොකර තුන්වන මහලයට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා වසා ඇත.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරිමට උදෑසන 10.30 ට පමණ ආපදා කළමනාකරණ අමාත්‍යංශයට අයත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල පර්යේෂණ නිලධාරි ටි.එම්. ප‍්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුලූ නිලධාරි කණ්ඩායමක් පැමිණ ගොඩනැගිල්ල පිහිටි බිම පරික්ෂාවකට ලක් කරන ලදි. ඔවුන් පැවසුයේ ගොඩනැගිලේ තත්ව පරික්ෂණයක් සිදු කිරිමට සහ ඉරි තැලිම් සහ අවදානම සම්බන්ධයෙන් සොයා බැලිමට තවත් කණ්ඩායමක් පැමිණෙන බවයි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් පොලිසියට පාසලේ විදුහල්පතිවරයාට ආදි සිසු කණ්ඩායම් වලට මෙන්ම නගරයේ වෙළෙදුන් මෙන්ම ජනතාව දැනුවත් කරමින් ක‍්‍රියා සිටියේ ගොඩනැගිල්ලේ අවදානමක් පවතින බැවින් ඉතා ඉක්මනින් ඒ ආසන්නයේ ඇති ප‍්‍රධාන මාර්ගයේ කොටසක් වසා ජනතාවට මෙන්ම වාහාන වලට ගමන් කිරිමට ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසයි. තවද පාසල් දරුවන් නිතරම ගැවසෙන පාසලට පිවිසෙන ප‍්‍රධාන ගෙට්ටුව පිහිටා ඇති නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසද පැවසිය.
ජනතාව පවසන්නේ මෙම ගොඩනැගිල්ල අනවසර ගොඩනැගිල්ලක් වන බවත් පාසල් භූමියේ අනවසරයෙන් රාත‍්‍රී කාලයේ ක‍්‍රමයෙන් ගොඩ නගා ඇති නිසා කිසිදු ක‍්‍රමවත් බවත් එහි නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *