මිද්දෙණියේ ගංජා හේන වටලා ගිණි තබයි!!!

දකුණු පළාත් සුරාබදු ඒකකය මිද්දෙණිය, තෝරකොලයාය ප්‍රදේශයේ රුපියල් ලක්ෂ සියයකට (100,00000/-) අධික වටිනාකමකින් යුත් කංසා හේනක් වටලා සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් තිදෙනා ඊයේ (05) සවස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර් ජී එන් කේ රන්කොත්ගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් දස දහස (10,000/-) බැගින් රුපියල් 30,000/- ක දඩයක් නියම කළේය.

මෙසේ දඩ නියම කරන ලද්දේ අංක 106/2, තුඩුගොඩ ආර, මහපැලැස්ස ලිපිනයේ පදිංචි කටුවන ආරච්චිගේ හේෂාන් තේනුක (24), අංක 106/1, තුඩුගොඩ ආර, මහපැලැස්ස ලිපිනයේ පදිංචි කටුවන ආරච්චිගේ හේෂාන් මධුරංග (24) සහ අංක 51, නුගේගලයාය, සෙවනගල පදිංචි වඩුගේ චමින්ද (35) යන තිදෙනාටය.

දකුණු පළාත් සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ධීර ගුණසේකර මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙන අතර සුරාබදු නිලධාරීන් විසින් කංසා හේනේ තිබූ සියළුම කංසා ගස් ගලවා පුළුස්සා විනාශ කර දමා තිබේ. මිද්දෙණිය, තෝරකොලයාය ප්‍රදේශයේ කිලෝ මීටර් 02 ක් පමණ කැලෑව අභ්‍යන්තරයට වන්නට බඩඉරිගු වගාවත් සමග මිශ්‍ර වන පරිද්දෙන් මෙහි කංසා වගාකර තිබූ බව දකුණු පළාත් සුරාබදු ඒකකය කියයි. අක්කර දෙකක් (02) පමණ වූ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිද්දෙන් වගාකර තිබූ මෙම කංසා හේනේ වටිනාකම රුපියල් ලක්ෂ 100 කට අධික වන බවද දකුණු පළාත් සුරාබදු ඒකකයේ නිලධාරියෙකු සදහන් කළේය.

සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් පරදි දකුණු පළාත් සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ධීර ගුණසේකර, සුරාබදු පරීක්ෂකවරුන් වන ටී එල් පී මෙන්ඩිස්, එස් පී එස් චන්න කුමාර, සී එල් එන් පෙරේරා, සුරාබදු සැරයන් එච් කේ දමිත (602), සුරාබදු නියාමකවරුන් වන කේ එච් තුෂාන්ත (934), යූ එම් ඩී ගමගේ (971), එස් පී පෙරුමාබදු (1059), කේ යූ ආර් මිහිරංග (1072), එම් ආර් සී බුද්ධික (1073), පී එච් පී ධනංජය (1088), ඩබ්ලිව් ආර් ඩී ලහිරු (1186) සහ සුරාබදු රියදුරු එම් වයි ඒ එච් විදුරංග යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *