පිළිකා අවධානම කුඩා දරුවන්ට // වෛද්‍ය ජී.ජී චමල් සංජීව

පිළිකාව කල්තියා හදුනාගැනීමට උපදෙස්

මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකු පීඩා විඳින රෝගී ස්වභාවය වන්නේ පිළිකා රෝගයන්ය. පිළිකා රෝග ඇතිවීම වැඩිවයසෙදී සිදුවන බවට මුලදී විශ්වාස කළද, මේ වනවිට එම මත වාදයන් බිඳ දමමින් පිළීකා රෝග කුඩා දරුවනට ඇතිවන තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මෙම පිළිකා රෝග අතරින් ලියුකේමියාව, ලිම්පෝමා, මොළයේ පිළිකා, අක්මාව ආශ‍්‍රිත පිළිකා, හා මාංශපේශී ආශ‍්‍රිත පිළිකා ප‍්‍රධාන වෙයි. මෙයට අමතරව අස්ථී ආශ‍්‍රිත පිළිකා රෝගද ඇතිවේ. දෘෂ්ටිවිතානය ආශ‍්‍රිත පිළිකා තත්වද තවත් සුලභ ආකාරයක්ය. වකුගඩු ආශ‍්‍රිත පිළිකා තත්ත්වද, ලැන්ගර්හැන් ෙසෙල පිළිකාද තවත් සුලභ ආකාරයක්ය.

වෛද්‍ය පර්යේෂණ වාර්තා පෙන්වාදෙන අන්දමට සෑම වයස අවුරුදු 15 පමණ වන දරුවන්ගෙන් සෑම 650 දෙනෙකුගෙන්ම එක් අයෙකුම පිළිකාවලට ගොදුරු වෙයි. මීට අමතරව දරුවන් මිලියනයකට දරුවන් 120 -140 අතර ප‍්‍රමාණයක් අළුතින් පිළිකා වලට ගොදුරු වෙති.

සියළුම වයස් කාණ්ඩවල දරුවනට ලියුකේමියාව රෝගය වැළඳිය හැකිය. ස්නායු පද්ධතිය සහ අක්මාව ආශ‍්‍රිත පිළිකා රෝග පළමු වසර 05 ඇතුලත සුලභය. නූතන වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් සමග පිළිකා රෝගවලට ගොදුරුව මියයන කුඩා ළමුන්ගේ සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. කෙසේ වුවත් කුඩා දරුවන්ගේ මරණ වලට තවමත් වැඩි වශයෙන්ම වගකිව යුතු රෝග අතර දෙවන ස්ථානය හිමිකර සිටින්නේ පිළිකා රෝගයන්ය.

කුඩා ළමුන් අතර පිළිකා රෝග ඇතිවීමට බලපාන ප‍්‍රධානතම හේතු මේ දක්වා අනාවරණය කරගෙන නැත. කෙසේ වුවත් විවිධ පාරිසරික සාධක, විකිරණ වලට ඉලක්ක වීම වෛරස් රෝගවලට ඉලක්ක වීම ආදියද විශේෂයෙන් සැළකිය යුතුය.

ඇතැම් කුඩා දරුවන් ජාන පදනමින්ම පිළිකා රෝග වලට නතුවීමට වැඩි අවස්ථාවක් දරයි. බොහෝ පිළිකා රෝග ඇතිවන්නේ පාරිසරික හේතු සාධක මත ජාන පදනම වෙනස් වීම නිසාය.

කුඩා ළමුන්ට බලපාන පිළිකා රෝග අතර පළමු ස්ථානයේ පසුවන්නේ ලියුකේමියා රෝගයයි. එහි දෙවන ස්ථානය මොළය ආශ‍්‍රිත පිළිකාවලට හිමිවෙයි.

ප‍්‍රවේණික වශයෙන් කුඩා දරුවනට උරුම වන පිළිකා රෝග තත්වයන්ද පවතියි. අස්ථී වල දෘෂ්ටිවිතානය ආශ‍්‍රිත ඍැඑසබදඉක්ිඑදප් රෝගය මෙයට නිදසුනකි. මෙය ඇතිවන්නේ 13 වන වර්ණ දේහයේ වන ජාන පදනම මැකීයාම නිසාය. මීට අමතරව සමහර සංලක්ෂණ වලින් පෙළෙන දරුවන් පිළිකාවලට ගොදුරුවීමට වැඩි අවදානමක් දරති. ඩවුන්ස් සහ ලක්ෂණයෙන් පෙළෙන දරුවන් ලියුකේමියා රෝගයට ගොදුරුවීම මෙයට නිදසුනකි.

පිළිකාවලින් පෙළෙන දරුවකු ප‍්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් පෙන්වයි.

(1* යම් ස්ථානයක සීමාවූ ගෙඩියක් වැනි යමක් හමුවීම. :ප්ිි*
(2* රෝගය ව්‍යාප්තිය සමඟ අස්ථීවලට ව්‍යාප්තිය සිදුවෙයි.
(3* දේහය පුරා අප‍්‍රාණික ස්වරූපයක් පෙන්වයි.
(4* පිළිකා රෝගය ව්‍යාප්තවීම සමඟ ශ්වසන පද්ධතියට වන අවහිරතාව නිසා ස්වසනය අවහිරවීම සිදුවෙයි.

රෝගී තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා මූලික රුධිර පරීක්ෂාවන්ද, පාරධ්වනි පරීක්ෂණ සහ සීටී ස්කෑන් පරීක්ෂණද උපකාරී වෙයි. මෙයට අමතරව සමහර රසායන ද්‍රව්‍ය මට්ටමද නිරීක්ෂණය කළ හැකිය.

රෝගී තත්වය තීරණය කරගත් වහාම මේ සම්බන්ධව දෙමාපියන් සහ ඥාතීන් දැනුවත් කිරීම ඉතා වැදගත්ය. ඉන් අනතුරුව රෝගය පවතින අවධිය :ිඒටසබට* තීරණයක් අනුව වෛද්‍ය ප‍්‍රතිකාර ආරම්භ කළ යුතුය.

පිළිකා රෝගවලින් පෙළෙන කුඩා දරුවනට වෛද්‍ය ප‍්‍රතිකාර සිදු කිරීම සඳහා විශේෂ වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටවිය යුතුව ඇත. මෙහිදී වෛද්‍යවරුන් මෙන්ම අනෙක් සෞඛ්‍ය සේවකයන්ගේ සහායද මේ සඳහා ලබාගත යුතුව ඇත.

විශේෂ වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රතිකර්ම වලට අමතරව විශේෂ මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාරද මෙම ප‍්‍රතිකාර මාලාවන්ට එකතු කරගත යුතුව ඇත. තවම පිළිකාවකින් පෙළෙන විට දැනගත් වහාම කුඩා දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද විශාල වශයෙන් මානසිකව ඇද වැටීම මෙයට හේතුවයි.

පිළිකා රෝග වලින් පෙළෙන දරුවන්ට වෛද්‍ය ප‍්‍රතිකාර සිදුකිරීම ආකාර කිහිපයකට සිදුකළ හැකිය.
(1* විශේෂ ඖෂධීය වෛද්‍ය ප‍්‍රතිකාර :ජයැපදඑයැර්චයහ *
(2* ශල්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර :ිමරටැරහ*
(3* විකිරණ ප‍්‍රතිකාර :ඍ්ාසදඑයැර්චයහ * මේ අතර ප‍්‍රධානය.

ප‍්‍රාථමික අවස්ථාවේ පවතින පිළිකා රෝග සඳහා ඖෂධීය ප‍්‍රතිකාර ලබාදිය හැකිය. මීට අමතරව ශල්‍ය කර්ම සහ විකිරණ ප‍්‍රතිකාර ලබාදෙන අතරතුර ඖෂධීය ප‍්‍රතිකාර ලබාදීම කළ හැකිය. පිළිකාව පැතිරයාම අවම කිරීමටද ඖෂධීය ප‍්‍රතිකාර වැදගත්ය. පිළිකා සඳහා ඖෂධීය ප‍්‍රතිකාර ලබාදීමේ අවාසිසහගත තත්ත්වද පවතියි. නීරක්තිය, රුධිර පට්ටිකා ප‍්‍රමාණය අඩුවීම,භක්ෂක ෙසෙල ප‍්‍රමාණය අඩුවීම මේ අතර ප‍්‍රධානය. මෙහි ප‍්‍රතිඵලය ලෙස රෝග ආසාදන වලට ලක්වීම ඉහළ යයි. කෑම අරුචිය, වමනය, ඔක්කාරය, හිසකෙස් ගැලවීයාම, ආහාර මාර්ගයේ අපිච්ඡු්ද වලට හානිවීම නිසා මන්දපෝෂණ තත්ත්ව පෙන්වයි.

ලියුකේමියා රෝගය

කුඩා දරුවනට බලපාන පිළිකා රෝගී තත්ත්ව අතර, ලියුකේමියාව :ඛැමනැපස්* ට ප‍්‍රමුඛස්ථානයක් හිමිවෙයි. මෙය ප‍්‍රධාන ආකාර කිහිපයකට පවතියි.ඒවා නම්

:1* ්දමඑැ ඛහපචයදබකැිඑැ ඛැමනැපස් – ්ඛඛග
:2* ්පඛ
:3* ක්‍පඛ

ඇට මිදුළු ෙසෙලම පිළිකා ෙසෙල ආක‍්‍රමණය සමඟ කුඩා ළමුන් තුළින් රෝග ලක්ෂණ ඉස්මතුවීමට පටන් ගනියි. මෙහිදී පහත සඳහන් මූලික ලක්ෂණ දැකිය හැකිය.

(1* කෑම අරුචිය
(2* රෝග ආසාදන
(3* ඇඟපත පණ නැති ස්වභාවය
(4* ශරීරයේ ලප පැල්ලම් මතුවීම.
(5* අක්මාව සහ ප්ලීහාව විශාල වීම.
(6* වසා ග‍්‍රන්ථී ඉදිමීම.
(7* අස්ථීවල වේදනාව

මේ අතර ප‍්‍රධාන වෙයි. සමහර කුඩා ළමුන්ගේ මෙම රෝග ලක්ෂණ මන්දගාමීව ඇතිවන අතර, තවත් සමහර කුඩා ළමුන්ගේ මෙම රෝග ලක්ෂණ ඉතා කෙටි කාල සීමාවකදී ඇතිවී බරපතල රෝග ලක්ෂණ ඉස්මතු වෙයි. මෙවැනි දරුවන්ගේ රුධිර පරීක්ෂණ වලදී සුදු රුධිර ෙසෙල ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යාමත්, හිමොග්ලොබින් මට්ටම අසාමාන්‍ය ලෙස පහත වැටීමක් දැකිය හැකිය. රුධිර පට්ටිකා ප‍්‍රමාණයද අඩු අගයක් ගනියි. රෝගය තහවුරු කරගැනීම සඳහා ඇට මිදුළු පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය වෙයි.

ලියුකේමියා ෙසෙල ඇට මිදුළු ආක‍්‍රමණය නිසා නීරක්තිය ඇතිවෙයි. මේ නිසා ශරීරය සුදුමැලි වෙයි. ශරීරයට ශක්තිය නොමැති තත්ත්වයක් ඇතිවෙයි. හක්ෂක ෙසෙල ප‍්‍රමාණය අඩු වීම රෝග ආසාදනයට අතවනයි.රුධිරගත පට්ටිකා ප‍්‍රමාණය අඩුවීම ශරීරයේ ලප පැල්ලම් ඇතිවීමට හේතුවෙයි. අස්ථී වලට රෝගී ස්වභාවය විහිදීයාම අස්ථීවල වේදනාවක් ඇති කරයි.

අක්මාව සහ ප්ලීහාව ආශ‍්‍රිතව රෝගය පැතිරයාම අක්මාව සහ ප්ලීහාව විශාල වීමටත්, වසා ගැටිති විශාල වීමටත් හේතුවෙයි. වසා ගැටිති ඉදිමීමේ ප‍්‍රතිඵලයක් ලෙස ශ්වසනය පවා අපහසු විය හැකිය.

ඔබට ස්නායු පද්ධතියට රෝගය පැතිරයාම නිසා අධික හිසරදය, වමනය, සිහි විකල්වීම, ස්නායු අඩපණවීම සිදුවෙයි. වෘෂණ වෙතට රෝගය පැතිරයාම නිසා වෘෂණ කෝෂ ඉදිමීම සිදුවෙයි.

රෝගයට ගොදුරුවන ළමුන්ගෙන් සුවය ලැබීම කරුණු කිහිපයක් මත රඳා පවතියි. ඉහළ සුදු රුධිර ෙසෙල ප‍්‍රතිශතය, වයස අවුරුද්දට අඩු වීම හෝ වයස අවුරුදු දහයට වැඩිවීම හිතකර සාදක නොවෙයි.

ලියුකේමියා රෝගයට වෛද්‍ය ප‍්‍රතිකාර සිදුකිරීම පියවර කිහිපයක් යටතේ ළමා රෝග හා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතු තත්වයකි.

කුඩා දරුවනට බලපාන අනෙක් පිළිකා රෝග අවස්ථාවක් ලෙස ලිම්පෝමා :ඛහපචයදප්* හඳුන්වාදිය හැකිය. මෙම ලිම්පෝමා රෝගය ප‍්‍රධාන ආකාර දෙකකට පවතියි.

:1* ්‍යදාටනසබ’ි ාසිැ්ිැ
:2* භදබ – ්‍යදාටනසබි ාසිැදිැ ලෙසිනි.

ලිම්පෝමා ලෙස හඳුන්වන්නේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ‍්‍රිතව වසා ගැටිතිවල ෙසෙලවල ඇතිවන පිළිකා රෝග අවස්ථාවයි. ලියුකේමියා රෝගය හා මෙම රෝගයේ රෝග ලක්ෂණ බොහෝ දුරට එක හා සමානව සිදුවන අවස්ථා ඇත.

මෙහිදී වසා ගැටිති ඉදිමීම සිදුවෙයි. බොහෝ විට පපුවේ මධ්‍ය ප‍්‍රදේශයේ විශාල ලෙස වසා ග‍්‍රන්ථී ඉදිමීම :පැාසැිඒබ්ක ප්ිි* සිදුවෙයි. මේ නිසා ශ්වසනය අපහසු වෙයි. මෙයට අමතරව කිහිළි, ඉකිළි හා උදරයේ වසා ග‍්‍රන්ථී ඉදිමීම සිදුවෙයි.

උදරයේ වසා ග‍්‍රන්ථී ඉදිමීම උදරයේ වේදනාවක් ගෙඩියක් ආකාරයට ඉදිරිපත් විය හැකිය. පාරධ්වනි හෝ ක්‍ඔ රැු ඵඍෂ පරීක්ෂණ රෝගය තහවුරු කර ගැනීමට උපකාරී වෙයි.

හොඞ්ජිකින් රෝගී අවස්ථාව ඉහත විස්තර කළ හොඞ්ජිකින් නොවන :භ්‍යඛ* අවස්ථාවට වඩා දුලභ රෝගයකි. ගෙල ප‍්‍රදේශයේ ඇතිවන වේදනාවෙන් තොර වසා ගැටිති ඉදිමුමක් ලෙස මෙය ඇතිවෙයි. අධික ලෙස දහඩිෙ දැමීම, උණ, ශරීරයේ බර අඩුවීම, ශරීරය කසන ස්වරූපක් ඇතිවීම සිදුවෙයි.

වසා ගැටිති ආශ‍්‍රිත පටක පරීක්ෂණයක් මගින් රෝගී අවස්ථාව නිරීක්ෂණය කර විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර ආරම්භ කළ හැකිය. හොඞ්ජිකින් ලිම්පෝමා රෝගයට ගොදුරුවන දරුවන්ගෙන් 80% ක ප‍්‍රමාණයකට සුවය ලබාගත හැකිය. මෙහිදී ඖෂධීය ප‍්‍රතිකාර ලබාදීම සිදුකරයි.

කුඩා ළමුනට බලපාන පිළිකා රෝග අතර මොළය ආශ‍්‍රිත පිළිකා රෝග වලට වැදගත් ස්ථානයක් හිමිවෙයි. මොළය තුළ පවතින පිළිකාවේ ප‍්‍රමාණය විශාලවත්ම එහි අභ්‍යයන්තර පීඩනය ඉහළයන නිසා පහත රෝග ලක්ෂණ ඉස්මතු වෙයි.

 හිසරදය
 වමනය
 ඇසේ අභ්‍යයන්තර ඉදිමුම
 හදිසියේ ඇතිවන වමනය
 ඇසේ කළු ඉංගිරියාව ගැස්මක් ඇතිවීම.
 කෙලින් ඇවිදීම අපහසුවීම, ඇවිදින විට ඇතිවන සමතුලිතතාවය නොමැතිබව :්ඒංස් *
 පුද්ගල චර්යාවල වෙනස්කම්.

මෙවැනි රෝග ලක්ෂණ පවතින විටවහා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වෙයි. කල්මරමින් කාලය ගත කිරීම හෝ නොයෙක් අත්බෙහෙත් කරමින් කාලය පසු කිරීම කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නොවෙයි. ක්‍ඔ හා ඵඍෂ පරීක්ෂණ මගින් රෝගී අවස්ථාව තහවුරු කරගත හැකිය.

මොළය තුළ පීඩනය ඉහළ ගොස් පවතින අවස්ථාවක කශේරුකාව හරහා විද සුසුම්නා තරලය පරීක්ෂාව නොකළ යුතුය. කෙසේ වුවත් මොළය තුළ පවතින පිළිකාව මොළයේ පවතින ස්ථානය අනුව අමතර රෝග ලක්ෂණ ඇතිවීම හෝ සුවය ලැබීමේ අවස්ථාවන් වෙනස් වෙයි.

පිළිකා ගෙඩියේ ප‍්‍රමාණය ශල්‍ය කර්මයේ අතුරු ප‍්‍රතිඵලයක්, විකිරණ ප‍්‍රතිකාර වලට ලකම්ම ආදිය මත දරුවාගේ සුනායු සහ හෝර්මෝන ක‍්‍රියා වෙනස් වෙයි. පිළිකාවෙන් සුවය ලැබුවද පසුකාලීනව ඇතිවන අපස්මාරය, ස්නායු දුර්වලතා, අධ්‍යාපන ගැටළු, කායික ආබාධ ආදිය දිගටම පැවතිය හැකිය.

කුඩා ළමුනට බලපාන අනෙක් වැදගත් පිළිකා රෝගී අවස්ථාවක් ලෙස නියුරොබ්ලාස්ටෝමා භැමරදඉක්ිඑදප් හඳුන්වාදිය හැකිය. අධිවෘක්ක ග‍්‍රන්ථීය හා ඉජ්ජානුගත ස්නායු පද්ධතියට අයත් ස්නායු ෙසෙල ආශ‍්‍රිතව මෙම පිළිකා තත්ත්වය නිර්මාණය වෙයි.

වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් රෝගී තත්ත්වයට පහසුවෙන් ගොදුරු වෙති. සුලභ රෝග ලක්ෂණය වන්නේ උදරයේ පවතින ගෙඩියක ස්වරූපයයි.

ස්නායු පද්ධතිය ආශ‍්‍රිතව රෝගය පැතිරයාම සිදුවෙයි. කශේරුකාවලට රෝගය ගමන් කිරීම නිසා අස්ථීවල වේදනාව, බර අඩුවීම, ශරීරය කහ වීම සිදුවෙයි. රෝගී තත්ත්වය හඳුනාගැනීමට විශේෂ වෛද්‍ය පරීක්ෂණ පවතියි.

මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ රෝගී ස්වභාවය හඳුනාගන්නා විට, එය වෛද්‍ය ප‍්‍රතිකාර වලින් සුවකළ හැකි සීමාව ඉක්මවා ගොස් තිබීමයි. කෙසේවුවත් රෝගය පැතිර ගොස් නොමැති අවස්ථාවකදී ශල්‍යකර්මයක් මගින් සුවකළ හැකිය.

වකුගඩු ආශ‍්‍රිතව ඇතිවන උසකපසි ඔමපදමර හෙවත් භෑඹඍධඊඛ්ීඔධඵ් අනෙක් වැදගත් පිළිකා වර්ගයයි. මේ තත්ත්වයට බොහෝ විට ගොදුරුවන්නේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ය. උදරය පුරා පැතිරුණ විශාල ගෙඩියක් ලෙස මෙය පළමුව දිස්වෙයි. බර අඩුවීම, ආහාර අරුචිය, උදරයේ වේදනාව, අධිරුධිර පීඩනය, මුත‍්‍රා සමග රුධිරය පිටවීම ආදියද රෝග ලක්ෂණ ලෙස ඇතිවෙයි. ක්‍ඔ පරීක්ෂණ මගින් රෝගී ස්වභාවය හඳුනාගත හැකිය. ශල්‍යකර්මයක් මගින් අදාළ වකුගඩුව ඉවත්කිරීමට සිදුවෙයි. රෝගය පැතිර පවතින අවස්ථාවලදී විකිරණ ප‍්‍රතිකාරද ලබාදෙයි.

රෝගයට ගොදුරුවන දරුවන්ගෙන් 80% ප‍්‍රමාණයකට සුවය අපේක්ෂා කළ හැකිය. රෝගය පැතිර පවතින දරුවන්ගෙන්ද 15% කට ප‍්‍රමානයකට සුවය ලබාගත හැකිය. කල්තියා රෝගය හඳුනාගැනීම සුවය ලබාගත හැකිය. කල්තියා රෝගය හඳුනාගැනීම සුවය ලැබීමේ ප‍්‍රතිශතය ඉක්මන් කරයි.

කුඩා ළමුනට බලපාන පිළිකා රෝග අතර අස්ථී වල ඇතිවන පිළිකා තත්ත්වද වැදගත් ස්ථානයක් හිමිකර ගනියි. මෙම පිළිකා රෝග තත්ත්ව පිරිමි ළමුන් අතර වඩා සුලභ වෙයි. පිළිකාව පවතින ප‍්‍රදේශයේ ඇතිවන අධික අස්ථී වේදනාව ප‍්‍රධාන රෝග ලක්ෂණ ලෙස පවතියි. රෝගය නීරණය කරන විට පෙනහළු ආදියට පැතිර පැවතිය හැකිය.

ශල්‍යකර්ම සහ ඖෂධීය ප‍්‍රතිකාර මගින් රෝගය සුවපත් කළ හැකිය. මෙයට විකිරණ ප‍්‍රතිකාරද භාවිතා කළ හැකිය.දෘෂ්ටියට බාධා වන ලෙස ඇතිවන ඍැඑසබදඉක්ිඒප් අනෙක් රෝගී අවස්ථාවයි. මෙය එක ඇසකට හෝ ඇස් දෙකටම හෝ බලපෑ හැකිය. රෝග ලක්ෂණ පළමු ඇතිවෙයි. දහතුන්වන වර්ණ දේහයේ වෙනස්කම් රෝගය ඇතිවීමට හේතු වෙයි. රෝගය පැතිර පවතින විට ඇස ඉවත් කිරීමට සිදුවෙයි.

අක්මාව ආශ‍්‍රිත පිළිකාද කුඩා ළමුනට වැළඳෙයි. මෙහිදී ්‍යැච්එදඉකැිඑදප් සහ ්‍යැච්එදජැකකමක්ර ජ්රජසබදප් තත්ත්ව වඩා අනතුරු දායක වෙයි. උදරයේ වේදනාව සහ විශාල ගෙඩියක ස්වරූපය රෝග ලක්ෂණ ලෙස ඇතිවෙයි.මේ අනුව කුඩා ළමයිනට ඇතිවන පිළිකා රෝගී තත්ත්ව කෙරෙහි දෙමාපියන්ගේ විශාල අවධානයක් යොමු කළ යුතු අතර රෝගී තත්ත්ව කල්තියා හඳුනාගැනීම රෝගයට ප‍්‍රතිකාර සිදු කිරීම පහසු කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *