පළාත් තුනකට නව ආණ්ඩුකාරවරුන් කැෆේ කීර්ති තෙන්නකෝන් ඌවට

උතුර,සබරගමුව,ඌව පළාත් සදහා ආණ්ඩුකාරවරුන් නම් කෙරිණි.

පළාත් තුනක් සදහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (7) දහවල් දිවරුම් දුන්හ.එහිදී උතුර,සබරගමුව,ඌව පළාත් සදහා ආණ්ඩුකාරවරුන් නම් කෙරිණි. මෙහි විශේෂයත්වය වන්නේ සිවිල් සමාජ ක්‍රියාකරිකයෙකු සහ මැතිවණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වන දම්ම දිසානායක මහත්වරුන්ට ආණ්ඩුකාර දුරයන් හිමි වීමයි.

මොවුන් දෙදෙනාම පසුගිය සමය පුරා විවිධ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාවට අදහස් පලකල විචාරකයන් දෙදෙනෙකු වශයෙන් නම් දරා සිටින ලදී ඒ අනුව ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද සබරගමුව ආණ්ඩුකාර ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා ද උතුරු ආණ්ඩුකාර ලෙස සුරේන් රාගවන් මහතා ද දිවුරුම් දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *