කැබිනට් සංශෝධනය තව දුරටත් කල් යයි.

ජනාධිපති වරයාගේ පාකිස්ථානු සංචාරය නිසා

පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ ගමන්මග නිවැරදි කර ගැනීම අරමුණ කරගෙන කැබිනට් සංශෝධනයක් සිදු කෙරුණා.නමුත් එම අවස්ථාවේ ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමති වරුන්ගේ දුර වල යම් වෙනසක් සිදු වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ හැර අනෙක් ඒවායේ වෙනසක් සිදුවුයේ නැහැ.ජනධිපති වරයාගේ ඉන්දියානු හා ජපාන සංචාර නිසා තවදුරටත් කල්ගිය කැබිනට් සංශෝධනය අද දින සිදුවීමට නියමිත
පකිස්තානු සංචාරය නිසා තවදුරටත් කල් යන ලකුණු පහළවී තිබෙනවා,මෙම මස අවසානයේ හා ලබන මස මුල ඇමතිවරු කිහිප
දෙනෙක්ම විදේශ ගතවීමට නියමිත බැවින් ඉදිරි සති දෙක තුන තුල කැබිනට සංශෝදනයක් සිදු නොවෙනු ඇති බවට දේශපාලන ආරංචි
මාර්ග සඳහන් කරනවා. ජනාධිපති වරයාගේ පාකිස්ථානු සංචාරය කැබිනට් සංශෝධනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *