ඇදිරි නීතියේ නිධන් හැරූ හිමිනමක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

 අහංගම නාකන්ද ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හාරමින් සිටි බව කියන භික්ෂුන්වහන්සේ නමක්  ඇතුළු සිව් දෙනෙකු අද (18) පස්වරුවේ දි අත්අඩංගුවට ගත්බැව් අහංගම පොලිසිය පවසයි.

 මොවුන්  නිධානයක් හාරමින් සිටින බවට ගම්වාසින්ගෙන් ලද පැමිණිල්ලකට අනුව  පොලිස් නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් පරික්ෂාකොට ඇත.එහිදි මෙම පිරිස ඉඩමේ වලක් හාරමින් සිට ඇත. අලවංගුව හා මොවුන් පැමිණි කාර්රථයද පොලිස් භාරයට ගෙන ඇත.හිමිනම කඩුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන අතර අනික් සැකකරුවන්  සිව්දෙනාගෙන් දෙදෙනෙක් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති අනික් දෙදෙනා  නුගෙගොඩ හා කදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. මොවුන් මෙම ප්‍රදේශයේ නිවසක මාසයක පමණ කාලයක සිට පදිංචිව සිට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

සැකකාරහිමි නම හා අනික් සැකකරුවන් සිව්දෙනා  හෙට (19_ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *