මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ කථාව // ජාති වාදය නොව ජාතික වාදයක් උදෙසා

අලුත්ගමින්, බෙන්තොටින්, මහනුවරින්, කෑගල්ලට දැන් ඉතින් තිත තබමු!!!!!

කෑගල්ලේ සමන් විජය බණ්ඩාර ගෙනෙන වාර්තාව

රටට ලෝකයට සමාජයට යහපත් හැදියාවකින් පිරි මිනිසුන් බිහි වන්නේ ආගම මුල් කරගෙනයි. මෙ නිසා කිසිම ආගමක යම් ජන කොටසක ඇදහිලි විශවාස සහ ඒ ඔස්සේ නිර්මාණය වු විවිධ ප්‍රතිමාවන් වලට අගෞරව කිරිමටවත් ඒවා කඩා බිඳ දැමිමටවත් කිසිවෙකුට අයිතියක් ඇත්තේද නැත. රටක නිතියෙන්ද එය තහනම් දෙයකි. එම නිසාම යම් ආගමික ස්ථානයකට හානියක් සිදු වුවහොත් එය බොහෝ දෙනා හෙළා දකින අතර ඒ ඔස්සේ විවිධ වු ගැටලූකාරි තත්වයන්ද නිර්මාණය වෙයි.

එවැනි අමිහිරි මතයන් රැසක පාඩම් මිට පෙර අප ඉගෙන ගෙන ඇත. පසුගිය 24 වන දින අලූයම් කාලයේ මාවනැල්ල ප්‍රදේශයේ රන්දිවෙල මංසන්ධියේ බුද්ධ ප්‍රතිමාවක් හා මාවනැල්ල මහත්තේගම මං සන්ධියේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරිමේ සිද්ධින් දෙකක් මුල් වරට පොලිසියට ඒ අවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු වාර්තා විය. මෙවැනි ප්‍රශ්න බරපතල සිද්ධින් වන නිසාම ඉහළ පොලිස් නිලධාරින් විසින් අදාල සැකකරුවන් වහාම සොයා අත්අඩංගුවට ගන්නා ලෙස මාවනැල්ල පොලිසියට උපදෙස් ලැබි තිබුණි. නමුත් පසුගිය 26 වැනිදා වන තෙක් කිසිවෙකුත් මාවනැල්ල පොලිසියට අත්අඩංගුවට ගැනිමට නොහැකි විය.

මාවනැල්ල වැනි ප්‍රදේශයක වැඩි වශයෙන් සිංහල හා මුස්ලිම් ජනතාව ජිවත් වන නිසා මෙම බුදු පිළිම කැඩිම හරහා ජාතිවාදි ගැටුමක් දක්වා වර්ධනය නොවිමට ඉතා ඉක්මනින් පිළිම කැඩු වැරදි කරුවන් සොයා ගැනිමේ පිපාසයක ජනතාව කල් ගත කරාය. අන්තර්ජාලයේ විවිධ වු වැරදි ප්‍රචාරයන් මෙ වෙනුවෙන් පල විය. ඒ ඔස්සේ මිනිසුන් වාද විවාද කර ගත් නමුත් එයින් බොහෝමයක්ම සත්‍ය බවින් තොර වැරදි මත විය.

නමුත් කණගාටුවට කරුණ වන්නේ මෙම ප්‍රශ්නය මුල් කරගෙන දේශපාලඥයින් සිය දේශපාලන වේදිකාව තම පාක්ෂිකයන්ට ජාතිවාදි හැගිම් ඇති කරමින් ඔවුන්ගේ හිතයිෂි දේශපාලන අරමුණු සාත් සාත් කර ගැනිමට මෙ ප්‍රශ්නය පිටුවහලක් කර ගැනිමයි.

නමුත් සිතු නැති මොහොතක වැරදි කරුවන් නිතීයේ රැහැනට අසු කර දෙන්නට පසුගිය 26 වැනි දින අලූයම මාවනැල්ල දිදුලවත්ත ප්‍රදේශවාසීන් විසිනි. වැරදි කරන පුද්ගලයා කොයි මොහොතක හෝ ඒ වෙනුවෙන් විපාක විදින බව බුදු දහමේ පෙන්වා දෙන කර්ම විපාකය අදටත් වලංගු බව සනාථ කරමින් බුදු පිළිම කඩමින් ගිය අය එම ගමේ අයට කොටු වන්නේ මෙ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සත්‍ය කතාව රට හමුවේ තබමින්ය.

මෙ සැකකරුවන් අසු වන්නේ මාවනැල්ල දිදුලවත්ත ගම්වාසින් විසින් ඉදි කර ඇති බුද්ධ ප්‍රතිමාව දෙසින් යම් කිසි ශබ්දයක් ඇසුනු නිසා අලූයම අවදිව සිටි කුලි ත්‍රිරෝද රථ රියදුරෙකු සිය නිවසේ දොර විවෘත කර අදාල ශබ්දය ඇසුනු දිසාව දෙසට පැමිණ ඇත. මෙ දින වල මාවනැල්ල අවට බුදු පිළිම කැඩිමේ කණ්ඩායක් සිටින හෙයින් තම ගමේ බුදු පිළිමයටද හානියක් කරනවාද යන සැකය ඔහුට කල් තියා දැනි ඇත.

අලූයම 3 පසු වි බුදු පිළිමය දෙසට පැමිණි ඔහුට එක විට දැක ගත හැකි වි ඇත්තේ යතුරු පැදියකින් යමින් සිටි දෙදෙනෙකි. නිවසක විදුලි ආලෝකයට යතුරු පැදියෙන් ගමන් කරන්නේ දෙදෙනෙක් කියා ඔහු හදුනාගෙන ඇති අතර මෙ හේතුවෙන් කලබලයට පත් ඔහු බුදු පිළිමය දෙස බලද්දි එයට හානි කර තිබුණි. යතුරු පැදියෙන් යමින් සිටි පුද්ගලයන් ගැන සැක සිතු මොහු වහාම අසල නිවසකට ගොස් තරුණයෙකුට කතා කර මෙ සිද්ධිය ගැන පවසා තිබුණි.

එදින වු සිදු විම අපට විස්තර කර අදාල සිද්ධිය මුල් වරට දැක ඇති වෘත්තියෙන් ත්‍රීරෝද රථ ධානයේ යෙදෙන 39 හැවිරිදි දෙදෙදරු පියෙක් වන ඒ.එම්. සෙනරත් බණAඩාර යන සිද්ධිය අපිට කිවේ මෙලෙසිනි.එදා පාන්දර මට හයර් එකක් තිබුණා. වරකාපන ගමේ එක්කෙනෙක් එක්ක දුර ගමනක් යන්න. ඒ නිසා රාත්‍රීයේ නිදා ගත්තේ අලූයම නැගිටින්න ඛෙල් තියලා. නමුත් ඒ ඛෙල් තියපු වේලාව පසු වි 3.30 ට විතර මට ඇහැරුනා. ඇහැරලා ඉන්නකොට බුදු පිළිමය තිඛෙන පැත්තෙන් ශබ්දයක් මට එකපාරම ඇසුනා.

ඒ ශබ්දය කොහෙන්ද කියලා කියලා ගෙදරින් එළියට ඇවිත් බැලූවා. ඒ වෙද්දි මම දැක්කා බයික් එකක දෙන්නෙක් නැගලා යනවා. බයික් එකේ දෙන්නෙක් යනවා කියලා දැක්කේ පාර අයිනේ ගෙදරක ලයිට් එකක එළියට. ඒ සමගම බුදු පිළිමය පැත්තට ගිහින් බැලූවා. බුදු පිළිමයේ මුහුණ සිරස අත කඩලා මට පසුගිය දින වල මාවනැල්ල පැත්තේ බුදු පිළිම කඩන ඒවාත් මතක් වුනා ඉක්මනින් ගිහින් ලග ගෙදරක ඉන්න චානක මල්ලිට කතා කලා.

අපේ ගමේ කෙනෙක් අපි පල්ලමේ කෑ ගහනවා ඇහිලා

එයාට මම සිද්ධිය කිවා. එයාගේ බයික් එකේ නැගලා බුදු පිළිමය කඩලා ගියපු අය අල්ලන්න යමු කියලා කිවාට පස්සේ එක පයින්ම එයාත් එන්නම් අයියා කියලා කිවා. එයා එනකම් මම බුදු පිළිමය පැත්තට එනකොට බුදු පිළිමය කඩලා ගියපු බයික් එකේ දෙන්නා නැවත බුදු පිළිමය පැත්තට ආවා. ඒ අය මුලින් මං හිටපු බව දැකලා නැතිව ඇති. දෙවැනි වතාවේ සමහර විට බුදු කුටියේ විදුරුව කඩන්න ආවාද කියලා මට දැන් සැකයක් හිතෙනවා. මෙහෙම ආපු දෙන්නා මම දැකපු ගමන් බයිසිකලේ විදුලි වේගයෙන් හරවලා යන්න හැදුවා.

මම දුවගෙන ගිහින් ධාවනය වන බයිසිකලයට උඩට පැන්නා. බයිසිකලය පෙරලූනා. එතකොට මෙ දෙන්නා පැනලා දුවන්න හැදුවා. මම එක්කෙනෙක් තදින් අල්ලා ගත්තා අර මාත් එක්ක යන්න ආපු චානක මල්ලි ඒ වෙනකොටත් ඇවිත් හිටියේ එයා අනික් සැකකරුව බදා ගෙන එයා අල්ලා ගන්න පොර බැද්දා. විනාඩි කිහිපයක් යනකම් මෙ අය මෙල්ල කර ගන්න මහත් වු පරිසමයක් දැරුවා. පහත ගල් ගොඩක් කැලෑවක් තියෙන පල්ලමකට අපි පෙරලූනත් මෙ සැකකරුවන්ට පැන දුවන්න දුන්නේ නැහැ. මම පොර බදිනකොට මම ඇදගෙන හිටපු සරම තිරු තිරු වලට ඉරුනා නමුත් මම අතින් අල්ලා ගෙන හිටපු කෙනාට ගැලවෙන්න දුන්නේ නැහැ.

චානක මල්ලිත් එහෙම හිටියා එක පාරම එයා සමග පොර බදපු කෙනා එයාව එතන පල්ලමකට තල්ලූ කරලා තියෙනවා ඒ වෙද්දි චානකගේ අතක් පැනලා. එයාට අමාරු වුන නිසා ඔහු පොර බදපු සැකකරුවා පැනලා දිවා. මම අල්ලාගෙන හිටපු කෙනාට යන්න දෙන්නේ නැතිව මම කෑ ගහනකොට පාන්දර කිසියම් වැඩකට යන්න ආපු අපේ ගමේ කෙනෙක් අපි පල්ලමේ කෑ ගහනවා ඇහිලා එයාගේ විදුලි පන්දම අපි ඉන්න කෑ ගහන දිසාවට යොමු කලා සිද්ධිය එයා දැකලා මාගේ සහායට ආවාට පස්සේ මම අල්ලාගෙන හිටපු කෙනා හොඳට මෙල්ල කර ගන්න පුළුවන් වුනා. ඊට පස්සේ ගමේ අය එකතු වුනා. මෙයාව ගසක ලණුවකින් බැදලා ගමේ අය එකතු වේලා මාවනැල්ල පොලිසියට භාර දුන්නා ඔවුන් බුදු පිළිම කඩන්න ආපු බයික් එකත් එක්කම. අනිත් පුද්ගලයා හොයා ගන්න උත්සාහ කරත් එයා පාන්දර අපිට හොයා ගන්න බැරි වුනා. අල්ලා ගත් පුද්ගලයාගෙන් අපි ඇහැව්වා ඇයි බුදු පිළිමය කැඩුවේ කියලා. එයා කිවා ඒ වේලාවේ මම නොවෙයි අනිත් කෙනා කැඩුවේ කියලා.
මෙම සිද්ධියට සම්බන්ධ සංවිධානත්මක කණ්ඩායමක් සිටින බවටද තොරතුරු

සිද්ධියෙන් පසුව සෙනරත් හා චානක යන දෙදෙනා විසින් පොලිසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ලබා දි තිඛෙනවා. පොලිසිය විසින් ඒවා සටහන් කර ගෙන ඇති ඇත. එමෙන්ම චානකගේ අත සඳහා ප්‍රතිකාර ගෙන අප මෙ කතාව ලියන 28 වැනි දින උදෑසන වන විට ඔහු නිවසේ සිටියේ සිය අතකට ඛෙහෙත් දමාගෙනයි.

මෙම අවස්ථාවේ පලා ගිය අනිත් සැකකරුවා 28 වැනි දින තෙක් අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් අට දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිම් සිදු වෙමින් පවති. දිදුලවත්ත බුදු පිළිමය එදින කැඩිමට පෙර මෙම තරුණයක් විසින් හිගුල ප්‍රදේශයේ බුදු පිළිමයකටද හානි කර තිබුණු අතර දැනට පොලිසියට ලැබි ඇති තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ සංවිධානත්මක කණ්ඩායමක් සිටින බවටද තොරතුරු වාර්තා වි තිබුණි. මෙම අත්අඩංගුවට පත් වු තරුණයන් අවුරුදු 20 සහ 30 යේ සිමාවන් වල පසුවෙන අයවලූන් වන අතර ඔවුන් මාවනැල්ල හිගුල ප්‍රදේශය අවට පදිංචිකරුවන් වෙති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුර්ණ පරික්ෂණයක් සිදු කරන කෑගල්ල කොට්ඨාංශ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක අබේරත්න මහතා ඇතුළු කණ්ඩායම මෙ ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. තවත් අය අත්අංඩගුවට ගැනිමට නියමිත අතර දිදුලවත්ත සිද්ධියේදි පැන ගිය සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නැත. අත්අඩංගුවට පත් වු මුස්ලිම් තරුණයන් පවසා ඇත්තේ කුරාණය නැමැති පොත කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවෙකුත් නොමැති බවත්ය.

ඒ හේතුවෙන් මෙලෙස බුද්ධ ප්‍රතිමා විනාශ කර බවද පවසයි. අත්අඩංගුවට පත් වු සැකකරුවන්ගේ නිවසේ තිබි බුදු පිළිම විනාශ කිරිමට යොදා ගන්නා තියුණු ආයුධ කිහිපයක්ද සොයා ගැනිමට මෙම විශෙAෂ පොලිස් කණ්ඩායමට හැකි වි ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාංශභාර පොලිස් අධිකාරි චාමික පී. වික්‍රමසිංහ කෑගල්ල කොට්ඨාංශභාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමරබන්දු මහතා ඇතුලූ නිලධාරින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

මෙ සිද්ධිය සම්බන්ධයෙන් පසුලිය 27 වැනි දින වන විට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් එතුමන්ගේ නියෝග පරිදි අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ කණ්ඩාමක් අදාල ප්‍රදේශයට පිටත් කර ඇති බවද වාර්තා වෙයි. මෙ වන විට මෙම අපරාධය සිදු කරන ලද පුද්ගලයන්ට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කිරිමටද එතුමන් අදාල අංශ දැනුවත් කර තිඛෙනවා. මෙ වන විට ප්‍රදේශයේ තත්වය සාමකාමිව පවත්වාගෙන යෑමට අවශ්‍ය පොලිස් කණ්ඩායම් විශෙAෂ කාර්ය බලකා සෙබළුන් ප්‍රදේශය පුරා ආරක්ෂාවට යොදවා ඇත.

කෙසේ හෝ පොලිසියට වඩා විමසිල්ලෙන් සිටි ජනතාව මෙ ක්‍රියාව සිදු කරන වැරදි කරුවන් ගස් බැද පොලිසියට 26 වැනි පෙරවරුවේ භාර දුන්නේ මෙම පහත් වැෙඩි කරන ලද වැරදි කරුවන්ට අකුරටම නිතීය ක්‍රියාත්මක කරන ලෙස එක හඩින් එක්ව එකා මෙන් ඉල්ලා සිටිමින්ය. මාවනැල්ල අවට මීට පෙර වාර්තා වුයේ නිදන් සොරුන් විසින් බුද්ධ ප්‍රතිමා විනාශ කර එහි වු නිදන් ගත දේවල් සොරකම් කරගෙන යෑම වුවත් එවැනි ක්‍රියා මෑත අවුරුදු කිහිපයේදි වාර්තා විමේ අඩු ප්‍රවණතාවයක් තිබුණි. නමුත් පසුගිය 24 වැනි දින අලූයම් කාලයේදි මාවනැල්ල නගරයට ආසන්නව ඇති රඹුක්කන මාර්ගයේ රන්දිවෙල හන්දියේ බුද්ධ ප්‍රතිමාවත් මාවනැල්ල මහත්තේගම පාරේ මිරිස්කුඩු හන්දියේ බුද්ධ ප්‍රතිමා කිසියම් පිරිසක් විසින් හානි කර ඇති බව වාර්තා විය.

ඒ අවට ගමේ ජිවත් වන ගම්වාසින්ගේ සහායෙන් මෙම ස්ථාන වල බුද්ධ ප්‍රතිමා සකස් කර තිබුණී. සෑම ස්ථානයකම බුදු මැදුරක් ඉදි කර බුද්ධ ප්‍රතිමා තැන්පත් කර තිබුණුයේද එම ජනතාව ඉතා අපහසුවෙන් දහඩිය මහන්සියෙන් සොයා ගත් දනය ආගමික වශයෙන් සතුටක් පිනක් ලබා ගැනිමේ චේතනාවෙන් පරිත්‍යාග කර දිමෙනි. ඒ වෙනුවෙන් පුද සත්කාරයන් සිදු කරමින් ඒවා ඒ අවට ප්‍රදේශවාසීන් විසින් මෙතෙක් රැක බලා ගත්තාය.

සමස්ත මුස්ලිම් ප්‍රජාව අනුමත කරන යහපත් ක්‍රියාවක් නොවන අතර මුස්ලිම් සංවිධාන හා මුස්ලිම් ජාතික පූජකවරුන් අප වෙත අදහස් දක්වමින් පවසන්නේ ඔවුන්ගේ ආගමට බාහිරෙන් ක්‍රියාත්මක වන අන්තවාදි පිරිසක් ඔවුන්ගේ මතයට විවිධ තම ආගමේ තරුණයන් යොදවා ගනිමින් කර ඇති කරගෙන යන මෙවැනි ක්‍රියා සමස්ත මුස්ලිම් ප්‍රජාව අනුමත නොකරන බවයි. පළමු වරට මාවනැල්ලේ බුදු පිළිමේ කැඩිමේ සිද්ධිය පසුගිය 24 වැනි දින සිදු වු අතර එම දිනයේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ශ්‍රවණාගාරයේ එජාපයේ මාවනැල්ල බල මණ්ඩල රැස්විම අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදි ප්‍රසිද්ධ වේදිකාවේ එජාපය බුදු පිළිම කැඩිමේ ක්‍රියාව සිදු කරන්නේ එජාපය අපහසුතාවයට පත් කිරිමට තවත් ප්‍රධාන පක්ෂයක් වන බවට චෝදනා ජනතාව ඉදිරියේ සිය කතා වලින් පෙන්වා දුන් අතර අප මෙය මෙම සිද්ධියට පාදක කර ගන්නේ විටක දේශපාලඥයින්ද ජාතිවාදි හැගිම් ඇති කරන්නට නොදන්නා දේවල් පටු දේශපාලන වාසි වෙනුවෙන් භාවිතා කරන බව පෙන්වා දිමටයි. එදින ප්‍රසිද්ධ වේදිකාවේදි මෙම සිද්ධිය ගැන මෙසේ අදහස් පල විය.

මෙම බුදු පිළිම කඩා දැමිම හරහා එක්සත් ජාතික පක්ෂයට එජාපයේ පක්ෂ මහ ලේකම් කබිර් හෂිම් මහතාට මඩ ගැසිමේ ව්‍යාපාරයක් සිදු කර ඒ හරහා එජාපයේ ඉදිරි ගමන් මග කඩා කප්පල් කිරිමට රටට බොරු ප්‍රචාරයක් ගෙන යෑමට මෙම කටයුත්ත කර ලද ක්‍රියාවක් විය හැකි බව මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්විමේ කථාවක් සිදු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.
එතුමිය මෙසේ කිය.

මාවනැල්ලේ බුදු පිළිම විනාශ කරලා ඉතින් මෙ වැඩෙන් වෙන පණිවිඩයක් රටට දෙන්න උත්සාහ කරනවා. මොකද්ද ඒ මෙ රටේ මුස්ලිම් නායකයෙක් ඉන්නවා නම් සිංහල මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන ඒ කබිර් හෂිම් මැතිතුමා එතුමාට මඩ ගැසිමට හා මෙම රැස්විමට මඩ ගැසිමට මෙම කටයුත්ත කරපු දෙයක් විය හැකියි.මෙහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය. එහිදි අදහස් දැක්වු පළාත් සභා මන්ත්‍රී මාවනැල්ල ආසනයේ උපුල් ශාමල් බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

එජාපයේ මෙ ගමන ඉවසා ගන්න බැරි සුළු අවස්ථාවාදින් කිහිප දෙනෙක් ඉන්නවා. ඊයේ රෑ වටේට ගිහින් බුදු පිළිම කිහිපයකට හානි කරලා ඒ වැඩේ මෙ පක්ෂයේ වැඩක් කියන තත්වයට දාන්න තරම් පටු වෙච්ච ජාතිවාදියෝ ටිකක් ඉන්නවා. ගරු අමාත්‍යතුමාගෙන් මං ඉල්ලූවා මෙක සි.අයි.ඩි එකට භාර දිලා විශෙAෂ විමර්ශනයක් කොට මෙ කරපු උන් ටික ජනතාව ඉදිරියේ ධන ගස්වන්න ඔනෑ.

බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහින්දගෙවත් පොහොට්ටුවේවත් තව කාගෙවත් නොවෙයි. අපිත් හොඳ බෞද්ධයෝ එජාපය තමයි බුද්ධ ධර්මයට මුල් තැන දුන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශය ඇති කලේ අපි මෙ වාගේ පහත් වැඩ කරන මිනිස්සු නොවෙයි පක්ෂයක් නොවෙයි ඒ නිසා මෙ වැරදි කරපු අය ජනතාවට ඉතා ඉක්මනින් දැන ගැනිමට හැකි වෙයි යැයිද පැවසීය. මෙලෙස ප්‍රසිද්ධ වේදිකාවේ මෙ චෝදනාව කිසිදු පරික්ෂණයක් ගැන නොදැන අදහස් පල කිරිම වැරදි ක්‍රියාවකි. වගකිමකින් රටක ජනතාවට මග පෙන්විම ඔවුන් සතු විය යුතු ප්‍රමුඛ කටයුත්තකි.

මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාලාපයට අයිති මාවනැල්ල හෙම්මාතගම මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල දෙමළ ජනතාව විශාල පිරිසක් ජිවත් වෙති. ඔවුන් අතර සංහිඳියාවක් ඇති කිරිමට හා එකමුතුව සිටිමය අවශ්‍ය පසුබිම අදට වඩා ක්‍රම උපායන් පරිසරය මගින්ම නිර්මාණය වි තිබුණු අතර මිට වසර 8 කට පමණ පෙර මාවනැල්ල හෙම්මාතගම වැනි ප්‍රදේශවල මුස්ලිම් දරුවන් පාසල් පවා ගියේ සිංහල පාසල් වලටයි. එමෙන්ම ක්‍රිඩාවන් හා උත්සව කටයුතු වලදි ඔවුන් සාමුහිකව ඒකාමෙන් ජිවත් වු අතර මෑතකදි මෙ ක්‍රම වේද පසකලා ජාතිවාදි ආගම්වාදි ක්‍රියාවන් ඔස්සේ ඔවුන් අතර වෙනස්කම් ඇති වු අතර ඒවා සිදු වුයේ කිහිප දෙනෙක් හා වෙනත් මත ඔස්සේ සමාජයේ යම් යම් පටු අරමුණු වලින් ඉදිරියට යන්නට උත්සාහ කරන පිරිසක් හේතුවෙනි.

පසුගිය සති දෙකකට කලින් හෙම්මාතගම නගරය මැදින් පල්ලිපොරුව සිංහල ගම්මානයට යෑමට ඇති මාර්ගයේ ගමන් කරන ලද පාසල් වයසේ පසුවෙන සිංහල දරුවන් දෙදෙනෙකුට හා කාන්තා දරුවන් තිදෙනෙකුට පරුෂ වචනයෙන් බැන වැදි එම ප්‍රදේශයේම ග්‍රාම නිලධාරි මහතෙකුගේ දරුවෙකුට මුස්ලිම් තරුණයක් පිරිසක් පහර දි තුවාල සිදු කිරිමේ සිද්ධියක් මුල් කර ගනිමින් මහා සංඝරත්නය හා පල්ලිපොරුව හා අවට ගම්වාසීන් සියයකට වැඩි දෙනෙක් හෙම්මාතගම නගරයට එක් වු අතර පහර දිම සිදු කරන ලද තරුණයන් අත්අඩංගුවට ගැනිමෙන් පසුව සිද්ධිය සමතයකට පත් විය. හෙම්මාතගම පොලිසිය මෙ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන අතර එම තරුණයන් අත්අඩංගුවට පත් විය.

මෙලෙස කා කොටා ගනිමින් විවිධ වු ආගම් වලට අගෞරව කරමින් එම ආගමික ස්ථාන වලට එම ශාස්තුවරුන්ගේ ආගමික නායකයින්ගේ ප්‍රතිමා හානි කරමින් පටු අරමුණක් ඔස්සේ ඉදිරියට යෑම අපේ සමාජ ක්‍රමයට රටක පරිහානියට විශාල වු තර්ජනයකි. මෙ සෑම සිද්ධියක් පිටුපසම ඇත්තේ සමස්ත ප්‍රජාව නොවන අතර එයින් සුළු පිරිසකි අවසානයේ සියලූ පිරිස් මෙ වෙනුවෙන් ගැටෙති. ඒ අනුව අපිට නිදහස් පරිසරයක් අපගේ දුවා දරුවන්ට ආරක්ෂාකාරි රටක් නිර්මාණය වන්නේද නැත.
2002 වර්ෂ වල මාවනැල්ලේ සිංහල මුස්ලිම් ජනතාව විශාල ගැටුමකට මැදි වු අතර ඒ මගින්ද දේපොල මෙන්ම තවත් හානි රැසක් මාවනැල්ලට ගෙන දුන් අමිහිරි මතක සටහන්ද පවති.

එසේ හෙයින් මෙම සිද්ධිද එවන් තත්වයක් කරා රැගෙන යෑමට අවශ්‍ය වන්නේ ද නැත. මෙ සියලූ ජාතින් වල පටු අරමුණු ඔස්සේ ඉදිරියට යමින් සමස්ත සමාජය වනසන පිරිසක් ඇත්නම් ඔවුන්ට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කර යුතුයි. එමෙන්ම දේශපාඥයින්ද මිට වඩා වගකිමකින් මෙම ක්‍රියා හමුවේ කටයුතු කිරිම ඉතා වැදගත් වෙනවා. 27 වැනි දින උදෑසන වන විටත් ත්‍රීවිධ හමුදා විශෙAෂ කාර්ය බලකාය මාවනැල්ල හා අවට නගර වල ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුණේ මෙම සිද්ධිය පාදක කරගනිමින් ගැටුමක් නිර්මාණය විමේ තත්වයන් අවම කර ගැනිමයි.

26 වැනි දින මෙ වෙනුවෙන් මාවනැල්ල නගරය ආසන්නයේ ඇති ඛෙලිගම්මන පොත්ගුල් විහාරයට ආගමික නායකයින් එක්කාසු විය. සවස මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සර්ව ආගමික නායකයින් ඇතුලූ සිංහල මුස්ලිම් විවිධ ජාතින් නියෝජනය පිරිස් දේශපාලඥයින් රජයේ නිලධාරින් සහභාගි කර ගනිමින් සාකජ්ජාවක්ද පැවැත්වුයේ ප්‍රදේශයේ සමකාමි වාතාවරණයක් ඇති කිරිම පෙරදැරි කරගෙනයි.

මෙ වන විට සමාජ ජාල වෙබ් පිටු වල හා ෆෙස් බුක් හරහා විවිධ ප්‍රචාරයන් සන්සරණය වෙමින් පවති. එහි සමහර තොරතුරු විඩියෝ පල වෙන අතර ඒවා සත්‍ය බවින් තොරයි. ඒවා ගැනද වාද විවාද ප්‍රශAන ගැටලූ ඇති නොකර ගනිමින් මිට වඩා බුද්ධියෙන් ජනතාව තීන්දු තීරණයන් ගත යුතුව පවති. ඒ මගින්ද සමහර දේවල් ජාතිවාදි ස්වරූපයෙන් ස්මතු විමක් දක්නට ලැඛෙන අතර ඒවා අවම කර ගැනිමටද නීතිය ක්‍රියාත්මක කර යුතුයි.

මාවනැල්ල ආශ්‍රීතව බුදු පිළිම කැඩිමට වඩා ඒහා ගිය මිනිස් ජිවිත පවා අහිමි කිරිමේ කටයුතු මිට පෙර වාර්තා වු බව ලිපිය යොමු කරමින් එම සංවිධානයේ බුදුගල ජිනවංශ හිමියන් පවසයි. මෙවැනි පසුබිමක් යටතේ සියලූ දෙනා වගකිමෙන් සිය කටයුතු මෙහෙයවිම අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් නිතීව කඩ කරමින් සිදු කරන ක්‍රීයාවන් වලදි ඒ සුළු පිරිස හදුනාගෙන අවශ්‍ය දඩුවම් පැමිණිය යුතුය. මෙම ක්‍රියාව ප්‍රදේශවාසින් අල්ලා බාර දෙන තෙක් මාවනැල්ල පොලිසිය මෙ සඳහා විදිමත් ක්‍රමයක් සකස් කර නිතීයේ රැහැනට මෙ තරුණයන් කොටු කර ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගනිම සම්බන්ධයෙන් ජනතාව පොලිසිය සම්බන්ධයෙන් කලකිරිමක් ද මෙ වන විට ඇති වි තිබේ. ජනතාව විමසිල්ලෙන් නොවන්නට මිට වඩා විවසනයක් මෙ සමාජයට ඇති විමේ ඉඩ කඩක් තිබු බව ජනතාව පෙන්වා දෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිදුලවත්ත බුදු පිළිමය අසලදි පලා ගිය සැකකරු ඔහුගේ වැඩිමල් සහෝදරයා පියා මෙ වන විට නිවස අතහැර ගොස් ඇති අතර මෙ වන විට සැකකරුවන් අට දෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කෑගල්ල අපරාධ විමර්ශන අංශයට හා බුද්ධි අංශ වලට ඉදිරි පරික්ෂණ සිදු කිරිමට භාර දි ඇති අතර දිදුලවත්ත ප්‍රදේශයේදි ප්‍රදේශවාසින් අල්ලා ගෙන ගස් බැද ඇති තරුණයා මෙ වන විට කෑගල්ල ශික්ෂණ රෝහලේ 5 වාට්ටුවේ ප්‍රතිකාර සඳහා ඇතුලත් තර ඇති බවද පොලිසිය පවසයි.

මාවනැල්ල ප්‍රදේශයේ පූජනීය ස්ථානවල අගෞරව වන ආකාරයෙන්

දිදුලවත්ත බුදු පිළිමය 26 වැනි දා උදෑසන කඩා ඇති බවත් එහිදි එම සැකකරුවන් අල්ලා ගත් බව සැලවිමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා එහි ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂා කොට මාධ්‍ය වෙත පැවසුයේ මෙ හරහා ජාතිවාදි ප්‍රශ්න ගැටලූ ඇති කර ගැනිම සිදු නොකොට සමකාමිව ජිවත් වන ලෙසයි. පටු දේශපාලන අරමුණු මෙ හරහා ක්‍රියාත්මක කිරිම සමහර පිරිසකගේ උවමනාවක් වි ඇති බවත් ඒ නිසා ඒ පිළිබඳව තම පොදුජන පෙරමුණට ඇගිල්ල දික් කල අය සිදු කලේ පසුගිය දින වල වැරදි නිර්වචනයන් වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදි.

මෙ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබිර් හෂිම් මහතාද සිය ෆෙස් බුක් ගිණුමේ අදහස් දක්වමින් ක්‍රියා සිටින්නේ. මාවනැල්ල ප්‍රදේශයේ පූජනීය ස්ථානවල අගෞරව වන ආකාරයෙන් සිදු වි ඇති ප්‍රචණ්ඩ ක්‍රියාව තරයේ හෙළා දකිමි. සියළු අනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වෙමින් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය උපදෙස් පොලිසියට ලබා දි ඇති අතර මේ මේ වන විට ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.
මෙ අතරේ 27 වැනි දින මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණේ මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරිමේ සිදුවිම ජාතින් අතර ගැටුමක් ගැටුමක් දක්වා වර්ධනය නොවන ලෙසට පියවර ගන්නා ලෙස හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිඛෙන බව සඳහන්ව තිබුණි.

එහි මෙසේද සඳහන්ව තිබුණි. රට තුල මෙවැනි සිද්ධින් යලි ඇති නොවිම වෙනුවෙන් ජනාධිපතිවරයා හා ආරක්ෂ අංශ වහා මැදිහත් විය යුතුව පවතින අතර රටක් ලෙස සාමයෙන් සමගියෙන් සහජීවනයෙන් ජිවත් විමට තිඛෙන වතාවරණය මෑත කාලයේ සුළු අන්තවාදි පිරිසක් විසින් නිර්මාණය කරන මෙවැනි කටයුතු සමස්ත ප්‍රජාවට ගැටලූකාරි තත්වයක් වන බවද පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *