සහල් මිළ අඩු කරන්න පුළුවන් ගොවියා සහ පාරිභෝගිකයා රවටලා තියෙන්නේ

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසියි

අද වෙනකොට ආණ්ඩුව සහල් වලට පාලන මිලක් දමලා තියෙනවා එහෙත් මෙහෙම තියෙන අවස්ථාවක වුවත් කීරි සම්බා කිලෝවක් රුපියල් 100 ට දෙන්න පුළුවන් කම තියෙනවා එහෙම තියෙද්දී ආණ්ඩුව පාලන මිලක් දමලා වැඩිපුර රුපියල් 25 ක් වැඩියෙන් දෙනවා වෙළඳ පොලේ සහල් මිල තවදුරටත් මිල පහත දැමිය හැකි බවත් මේ ව්‍යසනකාරී අවස්ථාවේ රජයේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතු බව අද (14) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසියි.

https://www.facebook.com/watch/?v=665835487292377

මේ යල කන්නයේ වී ඇටයක් නැති උනත් රටේ වී තියෙනවා මේ ආණ්ඩුව ආපු වෙලාවේ සහල් කිලෝ එක 115 ගියා පස්සේ 98 අඩු කලා එහෙම අඩු කරන්න පුළුවන් නම් ඇයි මේ හාල් මිළ වැඩි කරන්නේ ආණ්ඩුව කලින් කරන්න ඕන දේ පහුවෙලා කරනවා එකෙන් පාරිභෝගිකයා ට වෙන අසාධාරණයට ආණ්ඩුව වග කියන්න ඕන

මහා පරිමාණ මෝල් හිමියන් මේ වනවිට ගොවියත් පාරිභෝගිකයාත් දෙදෙනාම රැවටීමට ලක් කර ඇතැයිද මෙහිදී නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේ ය.එසේම නාඩු හා සම්බා සහල් කිලෝවක් තවත් අඩුකළ හැකි බවත් ඒ සදහා රජයේ අවධානය යොමු වියයුතු බවත් ඒ මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *