2010 දී ජයලත් ,2020 රන්ජන් මාන්නප්පෙරුමට බෝනස් වාසනාව

ගමපහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව පැමිණි මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී දූරය අහෝසි වීමත් සමග ගම්පහ මීලග සුදුස්සා බවට හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතය ගමපහ දිස්ත්‍රික්කයේ ජනතා ආදරය දෙවරක් ඉහලින්ම ලබාගත් රන්ජන් රාමනායක මහතා අධිකරණයට සිදුකල අපහාසයක් නිසා සිව් වසරක සිරදඩුවම් විදීමට ලක්වීම නිසා පාර්ලිමේන්තුවේ මහා ලේකම් වරයා විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නොකඩවා මාසතුනකට අධික කාලයක් පාර්ලිමේන්තු නොපැමිණීම නිසා ඔහුගේ මන්ත්‍රී දුරය අහෝසි වන බැවින් ඒ වෙනුවෙන් නව මන්ත්‍රීවරයෙකු නම් කරන ලෙස මැතිවරණ කොමිසමට දන්වා යවා ඇත

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දැඩිව හඩ නැගීමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයත් හමුවේ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී දුරය අහෝසි වීමේ නිවේදනයට කථානායක වරයා අත්සන් තබා ඇත මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් ඇතිවන ලදී.

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා මේ ආකාරයෙන් හිස්වන තැනට පත්වන්නේ දෙවැනි වතාවට වීම විශේෂත්වයකි මීට පෙර දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවයට පත්වීම නිසා පාර්ලිමේන්තු පිවිසීමට අවස්ථාව ලැබෙන ලදී මෙරට පාර්ලිමේන්තුවේ සිටින වාසනාව ඉහලින්ම තිබෙන මන්ත්‍රීවරයා අජිත් මාන්නප්පෙරුම මහතා විය හැකි අතර මෙරට දේශපාලන ඉතිහාසයේ මෙවැනි ආකාරයෙන් පාර්ලිමේන්තු පැමිණි පළමු මන්ත්‍රීවරයා වන්නේ අජිත් මාන්නප්පෙරුම මහතාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *