වංචා දූෂණ විවාදය 23 දා යළි පැවැත්වේ
පෙ.ව. 10.30 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පැවැත් වෙයි
ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ සෙවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය මේ මස 23දා දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
එදින පෙ.ව. 10.30 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පැවැත් වෙයි.
පසුගිය දිනක මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණද බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙමළ හෝ ඉංග්රීසි පිටපත ලැබී නොමැති නිසා විවාදයට සහභාගි වීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ප්රකාශ කිරීමෙන් පසු එදින විවාදය පැවැත්වුණේ නැත.
ඉංග්රීසි හෝ දෙමළ පරිවර්තනය 19 වැනි සඳුදා වනවිටත් භාරදීමට එකඟ වූ අතර එදිනට පෙර එය නොලැබුණහොත් 23දා මෙම විවාදය පැවැත්වීමට හැකි වේද කියා සැකයක් පවතී