බ්ලූමැන්ඩල් සංඛගේ අනියම් බිරිද අත්අඩංගුවට

ඇඳුම් හා ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිට ඇති බව

ඊයේ (26) දින උදෑසන ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට වෙඩි තැබීමට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම සිදුකරන අවස්ථාවේ දී බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල කණ්ඩායම් සාමාජිකයා ග්‍රෑන්ඩ්පාස්හිදී වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් හා ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිට ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

බස්නාහිර උතුර, නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මත පමුණුගම ප්‍රදේශයේ දී මෙම 45 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බ්ලූමැන්ඩල් සංඛ මේ වන විට පළාගොස් සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *