නත්තල් දා හිමිදිරියේ තංගල්ල ධීවර වරාය ලෙයින් තෙත්වෙයි ,වෙඩි වැදුණු හතරක් මියයයි

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින්

අද පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය තුලදී සිදු කරන ලද වෙඩි තැබීමකින් බරපතල තත්වයෙන් තුවාල වූ පුද්ගලයන් දස දෙනෙකු රෝහලට ඇතුලත්කර ඇත රෝහල් ආරංචිමාර්ග සදහන් කලේ ඉන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බවයි තවත්  පස්දෙනෙකු බර පතල තත්වයෙන් සිටින බවට වාර්තාවේ

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගිය පිරිස එම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වාර්තාවන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත වෙඩි ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් දෙදෙනා වෙඩි තැබීමෙන් අනතුරුව පලාගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස් පති නියමයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *