මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 150 හදිසියේ රෝහලට // වීඩියෝ සහිතයි

ආහාර නිසා ඇතිවූ අසාත්මික තාවයක් නිසා

අද උදෑසන 8.00 ට පමණ මිනුවන්ගොඩ ගණේහිමුල්ල ප්‍රදේශයේ පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් එකසිය පනස් දෙනකු පමණ (150) හදිසියේ රෝගාතුර වීම නිසා මිනුවන්ගොඩ දිසා රෝහලට සහ ගම්පහ මහරෝහලට ඇතුළත් මහ රෝහලට ඇතුළත් කර ඇත තවත් පිරිසක් ගම්පහ මහ රෝහලට ද ඇතුලත් කර තිබේ. මිනුවන්ගොඩ දිසා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ සිසිර විජේසුන්දර මහතා ප්‍රකාශ කළේ මොවුන් ලබාගත් ආහාරයක් නිසා මෙම අසාත්මික තාවය ඇතිවී ඇති බවයි ඇතුළත් කර සිටින සියලුම රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර සිදුකළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් තම කාර්ය මණ්ඩලයේ යුහුසුළුව රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වීම නිසා මේ වන විටත් රෝගීන් යහපත් තත්ත්වයට පැමිණෙමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කරන ලදී .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *