2020 ගම්පහ දුරකථනයේ මනාප සටන නිහඩව ඉදිරියට..නොවරදින අනාවැකිය

මැතිවරණයට සති තුනයි අපේක්ෂකයන් අතර සටන ආරම්භ වෙමින් ඇත

2020 මහා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය ලබාගන්නා මන්ත්‍රී ආසන ගණන සහ ඒ සදහා තරග වදින අපේක්ෂකයන් 21 අතරින් පෙරමුණේ සිටින අපේක්ෂකයන් කවුරුන්ද යන්න විමසා බලන ජනතා මනාපයේ බලය කාටද ලිපි මාලාවේ හතරවන දිග හැරුම මගින් දැනට පවතින තත්වය විග්‍රහ කිරීමට අපේක්ෂා කරමු

ගම්පහ දේශපාලන ගොසිප් මගින් අප වෙබ් අඩවිය ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13 නියෝජනය වන පරිදි සිදුකරණ ජනතා මත විමසුම අනුව මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 5 ලබා ගැනීමේ හැකියාව මීට පෙර සිදුකල විග්‍රහයන් තුලින් පෙන්වා දෙන ලදී ඒ අනුව සමගි ජන බලවේගයේ දැනට එම මන්ත්‍රී දූර 5 වෙනුවෙන් ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් කවුරුන්ද යන්න නවතම සමීක්ෂණ වාර්තා මගින් හෙළි කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු

සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් 21 දෙනා අතරින් ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් වන්නේ රන්ජන් රාමනායක ,හර්ෂණ රාජකරුණා ,සරත් ෆොන්සේකා බව කිව යුතුය අනෙකුත් සියලු අපේක්ෂකයන් අප සිදුකරන සමීක්ෂණය අනුව තවමත් සිටින්නේ නිශ්චිත ජයග්‍රාහී සීමාවක නොවන බව පැහැදිළිය ඒ නිසා මෙවර ගම්පහ මහ මැතිවරණ ප්‍රතිපලයන් අනුව හිටපු මන්ත්‍රීවරුන් වශයෙන් සමගි ජන බලවේගයෙන් තරග වදින අජිත් මාන්නප්පෙරුම ,එඩ්වඩ් ගුණසේකර කාවින්ද ජයවර්ධන සහ චතුර සේනානායක තරගයේ පසු පස සිටින කණ්ඩායම බවට පත්ව ඇත.

නවක අපේක්ෂකයන් අතරින් හිටපු අමත්‍ය වරයෙකු වශයෙන් ගම්පහට පළමු වතාවට තරග කරන විජිත් විජයමුණි සොයිසා මහතා ද තරග කිරීම තුල සමගි ජන බලවේගයේ අවසන් මන්ත්‍රී ආසන දෙක වෙනුවෙන් තියුණු තරගයක් නිර්මාණය වෙමින් ඇත.දීර්ඝ කාලයක් දේශපාලන සටනේ සිටින ජෝර්ජ් පෙරේරා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ද මෙවර ජයග්‍රාහී කණ්ඩායමට ඇතුළු වීමට වෙර දරන අතර ඔහුටද ජයග්‍රාහී පොකුරට පැමිණීමේ ඉඩ වැඩිය

කටානේ කාන්තා නියෝජනය රෝස් ප්‍රනාන්දු සහ අත්තනගල්ලේ සරනලාල් ගුණවර්ධන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙවර තරග පිටියේ සිටින අතර ඒ අතරින් කටානේ රෝස් ප්‍රනාන්දු හිටපු පළාත් සභා මන්ත්‍රීවරිය හොද සටන් කාරියකි ඇය කාලයක් පුරා දේශපාල පොරපිටියේ සිටින කාන්තා චරිතයකි ඇය සටනක් දීමට හැකි අපේක්ෂිකාවකි

ගම්පහ සමගි ජන බලවේගයේ නවක අපේක්ෂකයන් අතරින් ජා ඇල ශිරන්ත අමරසිංහ ,සහ කලක් හෙළ උරුමය නියෝජනය කල නිරෝෂා අතුකෝරල ,මිනුවන්ගොඩ චමින්ද සිල්වා සාර්ථක මැතිවරණ සටනක නිරතව ඇත.පොදුවේ අනෙකුත් අපේක්ෂකයන්ගේ දිස්ත්‍රික්කය පුරා සිදුකරණ යාන්ත්‍රනය එතරම් ශක්තිමත් ව නොමැත

ගම්පහ සමගි ජනබලවේගයේ රන්ජන් රාමනායක මෙවර ලබාගන්නා මනාප සංඛ්‍යාව පිළිබද තක්සේරුවක් අප වෙබ් අඩවිය සතු වුවද එහි තතු ප්‍රකාශ කිරීමට තාමත් කල් වැඩි නිසා ඉදිරි විග්‍රහයේදී ඒ පිළිබද වාර්තා කිරීමට බලාපොරොත්තු වන්නෙමු හර්ෂණ රාජකරුණා සහ සරත් ෆොන්සේකා හොද සටනක නිරතව සිටියද ඔවුන් ලබාගන්නා මනාප ප්‍රමාණය තවමත් නිශ්චිතව නොමැත

සමගි ජන බලවේගයේ පෙරළිකාර චරිතයක් වන චතුර සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා ඊයේ දිනයේ සිට මැතිවරණ යාන්ත්‍රනය වෙත පැමිණීම තුළ ඔහු සටනක් දියහැකි තරග කරුවෙකු බවට පත්වීමේ හැකියාව පෙන්වමින් ඇත චතුර සේනාරත්න බියගම ආසනයේ සංවිධායක වශයෙන් සටන ඇරඹීම තුල ඔහු යම් මනාප සංඛ්‍යාවකින් පටන් ගැනීමේ අමතර වාසිය අත්කරගෙන ඇත එහි අවාසිය ගම්පහ ආසනය නියෝජනය කරන අජිත් මාන්නප්පෙරුම වෙත තල්ලුවී ඇත චතුර සේනාරත්න 2015 මහ මැතිවරණයේ සේම ගම්පහ මුස්ලිම් ජනතාව වෙත ලගා වෙමින් ඇත වැඩිම මුස්ලිම් ප්‍රජාවක් සිටින බියගම ආසනය ඔහුට අමතර වාසියක් ලබා දී ඇත ගම්පහ දිස්ත්‍රික්කයේ අසූ දහසකට අසන්න මුස්ලිම් ඡ න්ද පදනම වෙත ආමන්ත්‍රණය කිරීම ඔහුගේ ප්‍රමුඛතම ඉලක්කය වී ඇත

චතුර සේනාරත්න මුලදී මැතිවරණ සටන තුලට පැමිණ නොතිබීම සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ඇල් මැරුණු ස්වභාවයක තිබුණද ඔහු මනාපය වෙනුවෙන් දෙන සටන නිසා අනෙකුත් අපේක්ෂකයන් තුල කිසියම් ජවයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත

විශේෂයෙන් මෙවර ගම්පහ සමගි ජන බලවේගයේ සටන් කරුවෙකු ලෙස පෙරට පැමිණි සිටි විජයමුණි සොයිසා දැන් සටන වැඩි කරමින් ඇත්තේ තම මනාප ගොඩ වැඩි කරගැනීම සදහාය චතුර සහ විජයමුණි ඉදිරි දින වලදී සමගි බලවේගයේ මනාප සටන් කරුවන් වීම වැළකිය නොහැක මේ අතරින් මීගමුව ආසනය නියෝජනය කරන කාවින්ද ජයවර්ධන කතෝලික කලාපයේ තනි මනාපය තුලින් මැතිසභයේ අසුන වෙන්කර ගැනීමට උත්සහ කරමින් ඇත ඒ නිසා මෙවර මැතිවරණයේදී කාවින්ද ගම්පහ මැද අසන වෙත එතරම් ශක්තියක් ලබා දී නොමැත ගියවර මහ මැතිවරණයේදී කාවින්ද වෙත ගම්පහ සිංහල බෞද්ධ ඡ න්ද හිමි උවද මෙවර එහි අඩුවක් නිර්මාණය වෙමින් ඇත ඒ ඔහු ගම්පහ බෞද්ධ කලාපයට පසුගියවර එතරම් සේවයක් නොකළ නිසාය

එඩ්වඩ් ගුණසේකර හිටපු නියෝජ්‍ය අමත්‍යවරයා මෙවර සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා වශයෙන් දිස්ත්‍රිකය පුරා මැතිවරණය මෙහෙයවීමේ වාසිය ඔහුගේ මනාප ගොඩ වෙතද ලගා කර ගැනීමට කටයුතු කරමින් ඇත ඒ ඔහු සංවිධායක දූරය දැරූ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආසන්නයේ ඇති මීරිගම ආසනය නියෝජනය කරමින් තමන්ගේ පැරණි ආසන දෙකඩ නියෝජනය කරමින් එහි ජනතා මනාපය ලගා කරගැනීමට උත්සහ කරමින් ඇත ඔහුගේ උත්සාහය කෙතරම් සාර්ථකයි කීමට කාලය වැඩිය හිටපු රාජ්‍ය අමාත්‍ය වරයෙකු වන අජිත් මාන්නප්පෙරුම ගම්පහ දිස්ත්‍රික්කයේ 2015 දී මනාප ලක්ෂයක අධික ප්‍රමාණයක් ලබා ගන්නේ අනුකම්පාව තුලිනි එහෙත් මෙවර එම පදනම ඔහුට තිබේද යන්න ගැටළුවකි

සමස්තයක් ලෙස ගම්පහ සමගි ජන බලවේගයේ සටන තවමත් දැඩි මනාප සටනක නොතිබුණද ඉදිරි සති කිහිපය තුල එම තත්වය වෙනස් වීමට ඉඩ වැඩිය ඒ අපේක්ෂකයන් අතර ඇතිවන සටන නිසාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *