බැසිල්ගේ දිවි නැගුම ලිත් නඩුව කල්යයි

අභියාචනාධිකරණය නිකුත් කර ඇති නියෝගය වලංගු බව පවසමින්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු ඉලක්ක කර ගනිමින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදලින් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක මුදලක් වැය කරමින් හිටපු ජනාධිපති වරයාගේ රුව යොදා ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කල බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැදවන ලද අතර එය ලබන ජූනි 17 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

නඩුව කැඳවු අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණයේ  පෙනී සිටි අතර මෙම  නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති නියෝගය ලබන 10 වැනිදා  දක්වා වලංගු වන බව පවසමින්  මෙම නඩුව කල් තබන්නැයි කළ ඉල්ලීමකට අනුව  මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *