”අපි ආවේ හිස් අතින් යන්න නොවේ”

බංගලාදේශ නායකයා තරගාවලියට පෙර ප්‍රකාශ කරන ලදී

ඊයේ පවතී නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් කඩුළු පහක ජයග්‍රහණයක් ලබාගැනීමට බංගලාදේශ පිල සමත් වන ලදී තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ ලකුණු 214 ක් ලබාගැනීමට සමත්වන ලදී මෙහිදී කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් කැපීපෙනෙන ඉනිම් දෙකක් ක්‍රීඩාකළ අතර උපුල් සහ දනුෂ්කද එයට දායකත්වය දක්වන ලදී.මෙහි විශේෂත්වය වුයේ තවත් ලකුණු 20 -30 අතර ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලට තිබූ අවස්ථාවන් අහිමි කරගැනීමයි. පන්දු ඕවර 10 සිට 15 අතර ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් ආක්‍රමණශීලී වූවානම් එම ලකුණු ප්‍රමාණය පහසුවෙන් ලබාගැනීමට හැකියාව තිබුණි.

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක ලකුණු ලබාගැනීම අත්‍යවශ්‍යය අපේ කණ්ඩායමට වැරදුනේ එතනය. ඒ කෙසේ වෙතත් අපේ පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය කිසිසේත් අනුමත කල නොහැක විශේෂයෙන් පීඩනයක් එල්ල කිරීමට පන්දු යැවිය යුතුය දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් යවන ලද මුල් පන්දුවාර දෙක තුල පා ඉන්නට පිටතින් පතිත කරන ලද පන්දු වලින් පීඩනය කෙසේ වෙතත් පන්දුව සීමා ඉරෙන් එපිටට යැවීමට බංගලාදේශ ආරම්භක පිති කරුවන් කටයුතු කරන ලදී.අනතුරුව කඩුල්ලක් බිදවැටීමෙන් පසුව අනෙක් පිතිකරුවාට පිටියේ පැමිණි පළමු පන්දුවම පුල්ටෝස් පන්දු එල්ල කිරීමෙන් ඔහුගේ ආත්ම විශ්වාසය වැඩිවීම තුළ අපේ පන්දු යවන්නන් අසරණ කරමින් ඇති දැවැන්ත ලකුණු 214 ක ඉලක්කය හබාගොස් ජය ගැනීම ඉහත ශ්‍රී ලංකා පිලේ අඩුපාඩු වලින් ලද ජයක් ම නොවන බවද කිව යුතුය.

මෙහිදී මුස්පිකාර් රහීම් ගොඩනගන ලද ඉනිම අතිවිශිෂ්ඨය. කෙසේ හෝ තරගය නැරබීමට පැමිණි අති විශාල ජනකායට හොද තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන ලදී . මේ අනුව දැන් තරගාවලිය සියලු කණ්ඩායම් වලට අවස්ථාව ලැබී ඇත. අගහරුවදා තරගයෙන් ඉන්දියාවට එරෙහිව අපි ජයග්‍රහණය කළහොත් නිසැකවම අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත. මේ නිසා ඉන්දීය ශ්‍රී ලංකා තරගය ඉතා තීරණාත්මක තරගයක් වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *