බටපොල ප්‍රදේශයේ නිවෙසක ගහක් උඩින් මුවෙක් පැනලා

ගහක් උඩින් මුවෙක් පැන්නා යැයි කියමනක් ඇත. මේ මුවා පැන ඇත්තේ ගහේ කඳ මැදිනි. මේ නිසා ගස් පළං පනින අමුතුම මුවා පිළිබඳව කතාවකි මේ.

අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේ නිවෙසක කෙසෙල් පඳුරක ඇති කෙසෙල් ගසක කඳ විවර කරගෙන කෙසෙල් කැනක් මතුවී ඇත. එය දැක ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ දිනවල පැමිණෙයි.මේ අපූරු කෙසෙල් කැන හට ගෙන ඇත්තේ බටපොල නින්දාන ප්‍රදේශයේ පදිංචි ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවය කරන එස්. එච්. අමල් ප්‍රසන්න මහතාගේ ගෙවත්තේය.ඇන්තූරියම් හා ඕකිඞ් ආදර්ශ වගාවක් ද ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යන ඔහුගේ බිරිඳ වන කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සේවය කරන දර්ශිකා මහත්මිය මෙම කෙසෙල් වගාව පවත්වාගෙන යන්නීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *