අපිරිසිදු දේශපාලඥයන් අතින් සම්මානන එපා ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා පවසයි!!

වර්තමානයේ දේශපාලකයන් කෙරෙහි ඇති සමාජ බැදීම ක්‍රමයෙන් පහව යුගයක කළා කරුවන් දේශපාලකයාගෙන් සම්මාන නොගන්නා තත්වයට පත්වීම මෑත කාලීන ප්‍රවනතාවයක් බවට පත්ව ඇත ඒ අනුව දෑත් පිරිසිදු නැති දේශපාලඥයන් අතින් ලැබෙන සම්මාන තමා ප්‍රතික්ෂේප කරන බව සම්මානනීය කලා ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා මහතා පවසයි.ඊයේ(15) පස්වරුවේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබූ කලා භූෂණ සම්මාන පිරිනැමීමේ උළෙලට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් ඒ මහතා මේ බව පැවසීය. එසේම සම්මානයක් ලබාගැනීමට නම් එම සම්මානය ප්‍රධානය කරන පුද්ගලයාගේ දෑත් පිරිසිදුව තිබිය යුතු බව ද චන්ද්‍රසෝම බින්දුහේවා මහතා සඳහන් කළේය.

එසේම බලයේ සිටි දේශපාලනඥයන් අතින් කලාවට අවංක සේවයක් ඉටුනොවූ බවත් ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගෙන, තම පාර්ශ්වයේ ගොඩ වැඩිකර ගැනීමේ අරමුණින් කලාකරුවන් පිරිසක් ගෙන්වා ඔවුන්ට සම්මාන ප්‍රධානය කිරීම තමා අනුමත නොකරන බවත් ඒ මහතා සඳහන් කළේය.එසේම එවැනි පිරිසකගෙන් සම්මාන නොගෙන සිටීමට කලාකරුවන් සතුව සෘජු භාවයක් තිබිය යුතු බව ද චන්ද්‍රසෝම බින්දුහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *