ජනධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් පැමිණිලි කරුවෙනවා ජනතාවට මෙම කරුණම ප්‍රමාණවත්

ජවිපෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කර සිටි

ජනාධිපතිවරයා විසින් නම් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිසම පවතින නීතිමය තත්වයට පටහැනිව පිහිටුවා ඇති කොමිසමක් වන අතර එම කොමිසමේ නිලධාරීන් සහභාගිකරවිය නොහැකි බව නීතිපතිවරයා එම කොමිසම වෙත ප්‍රකාශ කර ඇත.නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සනාත කරමින් මාධ්‍ය වෙත කරුණු අනාවරණය කර තිබේ.

ජාතික ජන බලවේගය අද (22) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඩ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා. මොකද එහි පැමිණිලිකරු වන්නේ ඇවන්ගාඩ් ආයතනය වන නිසයි. ජනතාවට මෙහි පවතින තත්වය දැනගැනීමට මෙම කරුණම ප්‍රමාණවත්.” යනුවෙනි.

මේ අනුව පෙනී යන්නේ මෙම ජනාධිපති විමර්ශන කොමිසම සම්බන්ධයෙන් ඉදිරියේදී බරපතල නීතිමය ගැටළුවක් මතුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *