ජනධිපතිවරණයෙදී ප්‍රසන්න කිවුවද මෛත්‍රී ගෑවුණු එකෙකුගේ ඡන්දය එපා කියලා

ජනධිපතිවරණයෙදී ප්‍රසන්න කිවුවද මෛත්‍රී ගෑවුණු එකෙකුගේ ඡන්දය එපා කියලා ගහන්න ගහන්න වදින එකත් මෝඩයා වදින්න වදින්න ගහන එකත් මෝඩයා කියලා කියමනක් තියෙනවා අපි එදා ගිවිසුම් ගැසුවේ ප්‍රසන්න රණතුංග එක්ක නොවෙයි පක්ෂයේ ඉහළ නායකයන් සමගයි එදා අපි ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන සටනේදී පොහොට්ටුව සමග ගිවිසුම් ගසන අවස්ථාවේදී ප්‍රසන්න මහත්තයා කීවානම් මෛත්‍රී සමග ගෑවුණු එකෙකුගේ චන්දය එපා කියලා හරි දැන් මොකද එහෙම කියන්නේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පලකරන ලදී .

එදා කියන්න තිබුණා අපිට තනියම දිනන්න පුළුවන් එන්න එපා කියලා දැන් බල්ලන්ට බළලුන්ට වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගහන්න අවශ්‍ය නැහැ රටේ බුද්ධිමත් මිනිස්සු දන්නවා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය මහත්තයාට සහය දුන්නේ නැත්නම් මොකද වෙන්නේ කියලා අපි පක්ෂයක් විදියට සහය දුන්නේ ගෝඨාභය මහත්තයා දිනවන්න මිසක් ප්‍රසන්න රණතුංග මහත්තයා බලයට ගේන්න නොවෙයි අපි දීපු සහයෙන් තමයි ජනපති මැතිවරණයේ ගෝඨාභය වැඩි චන්ද ලක්ෂ පහලවකට අසන්න ගණනකින් දිනුවේ ඒ ඡ න්ද ලක්ෂ පහළොව ශ්‍රීලනිපේ චන්ද කියල ප්‍රසන්න මහත්තයා දැනගත්තොත් හොදයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *