ඉදිරි මහ මැතිවරණයේදී රජය 2/3 ලබාගැනීම සදහා බිලි පූජාවක් තියලා

වංචා කරලා තියෙන්නේ ජනතාවගේ මුදල් නියම හොරු කවුද කියලා රටට කියන්න

මෙතන සිදුවෙලා තියෙන වංචාව සම්බන්ධයෙන් ආණ්ඩු දෙකම වග කියන්න අවශයි මේ වංචාවේ සුලමුල හෙළි කරන්න කියලා අපි ජනාධිපතිට කියනවා එයාර් බස් ගන්න රාජපක්ෂ ආණ්ඩුව 2013 දී දීපු අල්ලස වගේම මෙම ගනුදෙනුව අවසන් කරන්න යහපාලන ආණ්ඩුව කරපු දෙයත් වංචාවක් මේ සියල්ල රටේ ජනතවගේ මුදල් මේවා යටගහන්න දෙන්න බැහැ දැන් දෙපැත්තට බොලේ පාස් කරලා හරියන්නේ නැහැ මේකේ මහා මොළකරුවන් නීතිය හමුවට ගේන්න අවශය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අන්තර් සංගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ මහතා සදහන් කරයි .

එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව සංවිධායක තාරක නානායක්කාර සදහන් කලේ මෙවැන්නකි ඉදිරි මහ මැතිවරණයේදී රජය 2/3 ලබාගැනීම සදහා බිලි පූජාවක් තියලා ආණ්ඩුව හදන්නේ මාර්තු මාසයේ විසුරුවන පාර්ලිමේන්තුවේ 2/3 ලබාගැනීමේ මෙහෙයුම නියමෙට ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේවා ජනතාව දැනුවත් විය යුතුමයි කවුද 2013 ජනාධිපති කවුද මුදල් ඇමති කවුද කවුද ශ්‍රී ලන්කන් එකේ සභාපති කියලා රටම දන්නවා මේ පඩියට වැඩ කරපු නිලධාරියෙක් බිල්ලට දීලා තමයි නාඩගම නටන්නේ මේවා ජනතාව තේරුම් ගත යුතුයි ඉහල දේශපාලන මැදිහත්වීම නැතිව මෙවැනි වංචාවක් කරන්න පුලුවන්ද මේ ගැන හොයාගත්තේ වෙනත් රටක් දැන් තියෙන්නේ වංචාවට සම්බන්ධ ඉහල සිට පහලට දඩුවම් දෙන එකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *