බෝට්ටුව නැවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා

ඔවුන් දිවි හැර ගියේ සත්තානම් මැණියන්ගේඅනුකම්පාව මැදය.

එක ගම ඉපිද එකම යාත්‍රාවකින් එකම මුහුද රස්සාවට එකටම ගිය එකම ගම ධීවරයන් හත් දෙනාගෙන් යළි දියබේ සිට ‍ගොඩ බිමට ආවේ එක් අයකු පමණි. අනෙක් සියල්ලෝම මහ මුහුදේදීම ජල රකුෂාට බිලි විය. ඒ නැවක ගැටුනු බෝට්ටු අසලම ඔවුන් දිවි හැර ගියේ සත්තානම් මැණියන්ගේඅනුකම්පාව මැදය. (සන්තානම් මෑණියන් යනු මුහුදට හා ධීවරයන්ට ලෙංගතු අදහන දේවිතාවියයි.)

මේ නිසා ගාල්ල බලපිටිය වැලිවත්ත, විජේරාම ගම්මානය එකම මළ ගෙයක් බවට පත්වුයේ පසුගිය 1 2වන දින සැන්දෑවේ දීය. මේ කඳුළු කතාන්දරය ඔබට කියන්නට අපි එහි ගියෙමු. ඒ වන විටත් මුළු ගම්මානයම මහා විලාප දෙන හඩ අහස පුරා ගුවන පුරා වෙරළ පුරා රැව් දෙන්නට වුහ. දියබට පාවෙන ඔරු පාරු නිසලය. හඩ තලන වෙරළ රළ නිමක් නැතිව දුක කියමින් කිරි සුදු වෙරළට හඩමින් ඇදී එන ආකාරය දැකිය හැකිය.මේ ඒ ශෝකි කතාන්දරයයි.

ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 04 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් ජනක ගිනිගේ මහතාගේ උපදෙස් මත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති  බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පවසයි.

පසුගිය 11දා  අළුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය “මලිඳු පුතා” නමැති ධීවර යාත්‍රාවකි.  අනතුර සිදුවන විට බෝට්ටුවේ ධීවරයින් 07දෙනකු  සිට තිබේ.

ගාල්ල බේරුවල ධීවර වරායෙන් 2018.09.11 වන දින මුහුදු ගිය මලිදු පුතා නැමති  යාත්‍රාවක් අනතුරට පත්ව ඇත.මෙහි ධීවරයන් 07දෙනෙක් ගමන් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් ධීවරයන් 04 දෙනෙක් මියගොස් ඇත. දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. එක් ධීවරයකුගේ ජීවිතය නාවික හමුදාව විසින් බෙරාගෙන ඇත. මිය ගිය ධීවරයන්ගේ දේශයන් හා බේරාගත් ධීවරයා 12  වන දින සැන්දෑවේ ගාල්ල ධීවර වරායට ලබා දීමට නාවික හමුදාව කටයුතු කර තිබිණි.

අනතුරෙන් දිවි බේරාගත් එකම ධීවර කාර්මිකයා වන 26 හැවිරදි එරන්ද පුෂ්පකුමාර මෙම බිහිසුණු සිද්ධියේ අත්දැකීම් මෙසේ විස්තර කළේය.

   “ නැව අපේ බෝට්ටුවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියා

එදා සවස හයට විතර බේරුවල ධීවර වරායෙන් අපි පිටත් වුණා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ අපේ කල්හාර අයියා.

අපි නාවික සැතපුම් 60ක් විතර ගියා මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රී 12.30 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම.ඊට පස්සේ  බෝට්ටුවේ වීල්එක  කල්හාර අයියාට  දුන්නා. පැයක්වත් ගියේ නැහැ. මම  උඩට ගිහින්  නිදාගෙන හිටියේ . එකවරම බෝට්ටුව නැවක වැදිලා පෙරළුනා.

මම මුහුදට විසිවුනා. මම පීනලා ඇවිත් බොට්ටුවේ එල්ලිලා හිටියා. නැව ළඟටම එනකම් දැක්කේ නැහැ. බොට්ටුවේ ඇතුළේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනිත් පැත්ත ගැහුවා.

මම උදේ 10.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පස්සේ මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා.පසුව නාවික හමුදාව ඇවිත් මාව බේරගත්තා.”

පෙරළුණු යාත්‍රාවක පුද්ගලයකු සිටින බවට බහාලුම් නෞකාවක් මගින් නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුව නාවික හමුදාව ඩෝරා යාත්‍රාවක් පිටත් කර යවා තිබිණ.

ඒ අනුව ධීවරයින්ගේ මෘත ශරීර පෙරේදා (12) රාත්‍රි ගාල්ල නාවික හමුදා කඳවුරට ගෙන එමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රොහල වෙත රැගෙන යන ලදී.

එහිදී අදාළ ධීවරයා බේරාගෙන ඇති අතර කිමිඳුම්කරුවන් යොදවා කළ සෝදිසි කිරීමකදී මළ සිරුරු 4 ක් සොයාගෙන තිබේ.

අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා යොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මියගිය ධීවර කාර්මිකයින් සිව් දෙනාගේ මළ සිරුරු මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇති අතර  ඒවා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය  (13) දින කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැතිවිණි.

වැඩිදුරටත් අදහස් දක්වන  බේරුණු ධීවරයා බිහිසුණු මොහොත ගැන විස්තර කරයි

‘‘බෝට්ටුව නැවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියා….. යැයි මලිදුපුතා බහුදින යාත්‍රාව  නැවක හැපීමෙන් සිදු වූ අනතුරෙන් දිවි බේරාගත් එකම ධීවර කාර්මිකයා වන (26)  හැවිරදි එරන්ද පුෂ්පකුමාර සිද්ධිය පිළිබඳ කීවේය.

මලිදුපුතා බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් පසුගිය (11) පස්වරුවේ පිටත්ව ගොස් තිබේ .මසුන් ඇල්ලීම  සඳහා බහුදින ධීවර යාත්‍රාවේ හත් දෙනෙකු ගමන් කොට ඇත.

මහ මුහුදේදී සිදුවූ මෙම අනතුරෙන් හය දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් ධීවර කාර්මිකයෝ සිව් දෙනකුගේ මළ සිරුරු පසුගිය (12) රාත්‍රී නාවික හමුදාව මගින් ගාලු වරායවෙත රැගෙන එනු ලැබීය.

ධීවර කාර්මිකයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇතිඅතර දිවි බේරාගත් එරන්ද පුෂ්පකුමාර බිහිසුණු සිද්ධිය විස්තර කරමින් මේසේ කීවේය.

 ‘‘පසුගිය  (11) සවස හයට විතර බේරුවල ධීවර වරායෙන් අපි පිටත් වුණා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ කල්හාර අයියා.

අපි නාවික සැතපුම් 60ක් විතර ගියා මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රී 12.00 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම.රාත්‍රී 12.00ට විතර බෝට්ටුවේ වීල්එක  කල්හාර අයියාට  දුන්නා. පැයක්වත් ගියේ නැහැ.මම යාත්‍රාවේ පසු පසට වෙන්න නිදාගෙන හිටියේ . එකවරම බෝට්ටුව නැවේ වැදිලා පෙරලුනා.

මම මුහුදට විසිවුනා. මම පිනලා ඇවිත් බොට්ටුවේ එල්ලිලා හිටියා. නැව ළඟටම එනකම් දැක්කේ නැහැ.බොට්ටුවේ ඇතුලේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනිත් පැත්ත ගැහුවා.

මම උදේ 10.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පස්සේ මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා.නාවික හමුදාවේ මහත්වරු ඇවිත් මාව බේරගත්තා.  බෝට්ටුව නැවේ හැප්පෙන්න පැයකට විතර කලින් තමයි මම බෝට්ටුවේ විල් එක කල්හාර අයියාට දුන්නේ ‘‘ යැයි එරන්ද පුෂ්පකුමාර කිවේය.මියගිය ධීවර කාර්මිකයින් සිව් දෙනාගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (13) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජි.එන් කරුණාතිලක මහතාගේ නියෝගයකට අනුව මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබේ.

නාවිකා හමුදාව මෙසේ කීය.

මුහුදේදී අනතුරට පත් ධීවරයින් සොයා ගිය නාවික හමුදා මෙහෙයුම

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (සැප්තැම්බර් 12) ගාල්ලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවර යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 30 ක් බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධිවර යාත්‍රාවක් පෙරලී අනතුරට පත්වි ඇති බව එම ධීවර යාත්‍රාව අසලින් ගමන් කළ වෙළඳ නෞකාවක් මඟින් කොළඹ සාගරික මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordinating Centre – MRCC) වෙත දැනුම්දී ඇත. ඒ අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව  දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද උදෑසන එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, වේග ප්‍රහාරක යාත්‍රාව විසින් සිදු කරන ලද සෝදිසි කිරීමේ මෙ‍හෙයුමකින් එක් ධීවරයෙකුගේ ජීවිතය ‍බේරා ගැනීමට හැකිවී ඇති අතර, තමා සමඟ තවත් ධීවරයින් හයදෙනෙකු (06) සිට ඇති බව එම ධීවරයා විසින් නාවික හමුදාව වෙත ප්‍රකාශ කර ඇත. ක්‍ෂණිකව ක්‍රියාතමක වූ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් එම අනතුර සිදු වූ ස්ථානයේ සොදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී මියගිය පුද්ගලයින් සිව්දෙනෙකුගේ (04) මෘත දේහ සොයා ගැනීමට ඔවුන් සමත් වී ඇත. තවද, අතුරුදහන්ව ඇති අනෙක් ධීවරයින් දෙදෙනා (02) සොයා නාවික හමුදාව තව දුරටත් සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.

එමෙන්ම, බේරාගත් ධීවරයා ආරක්‍ෂාකාරි ලෙස ගාල්ල, වරාය පරිශ්‍රය වෙත රැගෙන එමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී. මෘත දේහයන් වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

තවද, නාවික හමුදා මුලස්ථානයේ පිහිටා ඇති සාගරික මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය භාවිතා කරනු ලබන වෙළඳ නෞකා, ධීවර යාත්‍රා මෙන්ම විවිධ සාගරික අධ්‍යයන හා සමික්‍ෂණ කටයුතු සිදු කරනු ලබන පුද්ගලයින් හට සිදුවන අනතුරු සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වන ප්‍රධාන මධ්‍යස්ථානයයි.  මෙම මධ්‍යාස්ථානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුළ අනතුරට පත් යාත්‍රා සහ නෞකා මුදවා ගැනීමේ කාර්යයන් රැසක් සම්බන්ධීකරණ කිරීම තුලින් ධීවරයින්ට සහ නාවිකයින්ට මහඟු සේවාවක් සැපයිමට මේ වන විට කටයුතු කර ඇති අතර, මෙවැනි මුදවාගැනීමේ මෙහෙයුම් අවශ්‍යවු විටකදී ලබා දීමට මෙම මධ්‍යස්ථානය නිරන්තරයෙන් කටයුතු කරන ලබයි.

අතුරුදන් වු ධීවරයන් දෙදෙනා වුයේ බලපිටිය වැලිවත්ත විජේරාම පදිංචි අගම්පොඩි තුෂාරද සොයිසා 32 අවිවාහකයි.සනත් කල්හාර 30 දෙදරු පියෙකි. දැනට මියගොස් ඇති ධීවරයන් හතර දෙනාද බලපිටිය,වැලිවත්ත,විජේරාම පදිංචි අය වේ. ඒ අමිල පුෂ්ප කුමාර 24 අවිවාහකයි.එච්.ඩබ්ලිව් දනුෂ්ක මධුසංඛ 24 මාස එකොළහක දරුවෙක් සිටියි.සිසිර සම්පත් 29 ළමයින් දෙකයි.කමල් මෙන්ඩිස් 30 විවාහකයි දරුවන් නැත.(කමල් මෙන්ඩිස්ගේ පිංතුරයක් සොයාගත හැකි වුයේ නැත.) අනෙක් අයගේ පිංතූරවල නම් සටහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *